එවරස්ට් තරණය කිරීම සඳහා බලපත්‍ර නොමැති සංචාරකයන්ගේ කඳවුරු වසා දැමීමට චීනය පියවර ගෙන තිබේ.
කඳුනගින්නන් විසින් එවරස්ට් කඳුවැටිය සහ ඒ අවට ප්‍රදේශවල විශාල කසළ ප්‍රමාණයක් දමා ඒම මෙයට හේතු වී ඇත.
මේ අනුව සංචාරකයන්ට යා හැක්කේ කඳුවැටියේ ආශ්‍රම සහිත ප්‍රදේශය අසළට සහ කඳවුරුවලට මීටර් 5200ක් පමණ දුර ප්‍රමාණයක් පමණි.
සංචාරකයන් නේපාලයේ දකුණු ප්‍රදේශයේ සිට එවරස්ට් වෙත පිවිසෙන අතර ටිබෙට්හි පිහිටා ඇති චීන සංචාරක කඳවුරට පහසුවෙන් ප්‍රවේශ විය හැකිවීම හේතුවෙන් ඔවුහු චීනයෙන්ද ඒ වෙත පැමිණෙති.
සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයත් සමග ‘ලොව විශාලතම කසළ කන්ද’ ලෙස හඳුන්වන එවරස්ට්හි කසළ ප්‍රශ්නය තවදුරටත් තීව්‍ර වී ඇතැයි බලධාරීහු පවසති.
මේ තත්ත්වය නිසා වසරකට එවරස්ට් තරණය කරන සංචාරකයන් ප්‍රමාණය 300 දක්වා සීමා කිරීමට ඉකුත් ජනවාරි මාසයේදී එරට බලධාරීහු තීරණය කළහ.
පසුගිය වසන්ත සෘතුවේදී එවරස්ට් කඳුවැටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ මෙහෙයුම් 3ක් ක්‍රියාත්මක කළ බවද එහිදී ටොන් 8ක කසළ රැස් කළ බවද කඳුවැටියෙහි ඇති එවරස්ට් තරණය කිරීමේදී මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු ගෙන ඒම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.
(බී බී සී ඇසුරිනි)
16844
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීනය එවරස්ට් කඳුවැටිය ආශ්‍රිත සංචාරක කඳවුරු වසා දමයි
රවින් Friday, 15 February 2019 10:28 AM
හරියට හරි... නිසිපරිදි පාවිච්චි කරන්න දන්නේ නැතිනම් නොගිහිල්ලා ඉන්න...