IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


චීනයෙන් අලුත් කුරුළු උණ වයිරස ප්‍රභේදයක්

නැගෙනහිර චීනයේ, 41 හැවිරිදි පුද්ගලයකුට කුරුළු උණ වයිරසයට අයත් නව ප්‍රභේදයක් ආසාදනය වී ඇතැයි හඳුනා ගත් බව චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව අද (1) නිවේදනය කළේය.

එම පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ කුරුළු උණ ඉන්ෆ්ලූවෙන්සා වයිරසයේ H10N3 ප්‍රභේදයයි. H10N3 ආසාදිත තැනැත්තකු ලොව හමුවුණු පළමු අවස්ථාව ලෙස ද මෙය යැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර තිබේ.

ෂෙන්ජියැන්ග් පළාතේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා උණ සහ තවත් රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙන් අප්‍රේල් 28 වැනිදා රෝහල් ගත කර ඇතැයි ද චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත.

ඔහුට කුරුළු උණ ඉන්ෆ්ලුවෙන්සා වයිරසයේ H10N3 ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ මැයි 28 වැනිදා බව ද එම කොමිසම වැඩි දුරටත් සඳහන් කර තිබේ.

කුරුළු උණ ලෙස ප්‍රකට H7N9 ප්‍රභේදයයි. 2016 සිට 2017 තෙක් කාලයේ වසංගතයක් වී 300 දෙනකුගේ ජීවිත බිලි ගත්තේ මෙම කුරුළු උණ ප්‍රභේදයයි.

රොයිටර්



අදහස් (1)

චීනයෙන් අලුත් කුරුළු උණ වයිරස ප්‍රභේදයක්

ravin Thursday, 03 June 2021 10:27 AM

මේ චීන්නුන්ට මුළු ලෝකයේම දොරවල් වැහුවානම් ප්‍රශ්නය ඉවරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site