IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘චීනුන්ට උඩු ගුවන් ගමන් බෑ‘

චීන ජාතිකයින්ට අභ්‍යාවකාශ සංචාරයන්ගේ දොරටුව වසා දැමීමට ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් සමාගම තීරණය කර තිබේ.

වර්ජින් ගැලැක්ටික් සමාගම සාමාන්‍ය වැසියන්ටත් අභ්‍යාවකාශ සංචාර සේවා නුදුරේදීම ලබාදීමට සැළසුම් කර තිබේ.මෑතකදී එම සමාගම අභ්‍යාවකාශ සංචාරයන් සදහා විශේෂයෙන් සකස් කළ යානයක් සාර්ථකව අත්හදා බැලීමටත් සමත් විය.

නමුත් චීනය , උතුරු කොරියාව,ඉරානය ආදී රටවල පුරවැසියන්ට අභ්‍යාවකාශ සංචාරයන්ට අවස්ථාව ලබා නොදීමට වර්ජින් සමාගම තීරණයකට එළැඹ සිටී.

තම යානා කි‍්‍රයාත්මක වන තාක්ෂණය ඔවුන් සොරාගනු ඇතැයි සාධාරණ සැකයක් පවතින බව සමාගම කියයි.මෙනිසා එම රටවල පුරවැසියන්ට වර්ජින් සමාගම හා අභ්‍යාවකාශ සංචාරයන්හි යෙදීමට අවකාශ නැත.

දැනට අභ්‍යාවකාශ සංචාරක ක්ෂේත‍්‍රයක් ඇති කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින්නේද වර්ජින් සමාගම පමණකි.

මෙනිසාවෙන් වර්ජින් සමාගමට විශාල මුදලක් අහිමි වන බව සදහන්ය.ප‍්‍රකෝටිපති චීන ව්‍යාපාරිකයින් පවුම් ලක්ෂ 2 බැගින් මිල වන ටිකට් පත් මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇතත් ඔවුනට ටිකට් පත් ලබා නොදෙනු ඇත.

මේ අතර වර්ජින් සමාගම කරනුයේ බොරුවක් යැයිද 2007 වසරේ සිට ඔවුන් මෙසේ පරීක්ෂණ චාරිකා සිදුකළත් කිසිදු ප‍්‍රතිඵලයක් අත්වී නැති බවක් පෙනෙන්නේ යැයිද ඇතැමුන් සැක පළ කරයි.

මේවාට පිළිතුරු දෙන වර්ජින් සමාගම පවසන්නේ රෝමය එක් දිනකින් ගොඩනොනැගුණා සේම තම ව්‍යාපෘතියද සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමට තවත් කල් ගතවනු ඇති බවයි.නමුත් කෙසේ හෝ මෙම වසරේදී අභ්‍යාවකාශයේ පළමු සංචාරය සිදුකිරීමට සැළැසුම් කර ඇතැයි එම සමාගම කියයි.

 



අදහස් (0)

‘චීනුන්ට උඩු ගුවන් ගමන් බෑ‘

රසික Sunday, 02 February 2014 03:00 AM

රොකට් තාක්ෂණය මුලින්ම භාවිත කරලා තියෙන්නේ චීනය.ඒ දැනට වසර සිය ගණනාවකට පෙර.(දිල්) .

:       0       0

සැමුවෙල් Friday, 31 January 2014 09:30 AM

ඇමරිකාව අභ්‍යවකාශ තාක්ෂනය මුලින්ම සොරා ගත්තේ සෝවියට් දේශයෙන්. පළමුවෙන්ම අභ්‍යවකාශයට ගියේ 1962 දී රුසියන් ජාතික යුරි ගගාරින්. පසුව ඔවුන් රුසියන් ශිල්පින්ව මිලයට ගත්තා. සොවියට් දේශය තුල ප්‍රශ්න ඇති කරලා ඔවුන්ව අඩපන කලා. දැන් එනවා අපිට උගන්නන්න සොරකම් නොකරන්න කියලා.(නදී)

:       0       0

කුමාරි Friday, 31 January 2014 09:54 AM

ඇමෙරිකාවට කලින් චීනයට ඕක කරන්න ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.(දිල්)

:       0       0

සමන් Monday, 03 February 2014 10:00 PM

ඇමරිකන්කාරයෝ දුනු වලින් විදලා සත්තු දඩයම් කරන කාලේ අපේ රාවනා රජතුමා උඩු ගුවනින් ගියේ.(අ)

:       0       0

බටගොඩ Thursday, 30 January 2014 12:34 PM

ඇමෙරිකාව රොකට් යවන තාක්ෂණය ඇමෙරිකානුවන්ගේ විතරක් වැඩක් නෙමේ. ඒක ලෝකෙම දන්නවා. එහෙම වෙද්දී අනිත් දක්ෂයින් ඉන්න රටවලට නීතී දමන්නේ කොහොමද? (දිල්)

:       0       0

කුමාර Monday, 03 February 2014 09:36 AM

චීන ජාතිය කියන්නේ ඕනෑම දෙයක් පුළුවන් අය නේ (දී)

:       0       0

ඉන්දික Thursday, 30 January 2014 01:51 PM

අනිවාර්යයෙන්ම චිනේ ඇමරිකාවට කලින් ඕක කරනවා. චීන්නු සද්ද කරන්නේ නැහැ. කරලා තමයි කියන්නේ.(දිල්)

:       0       0

මධුරංග Thursday, 30 January 2014 01:52 PM

ඇමරිකාව චීනෙට බයයි.(දිල්)

:       0       0

දිසානායක Saturday, 01 February 2014 10:45 AM

මානව හිමිකම් උල්ලංගනය කිරීමක් (දී)

:       0       0

හසිනි Thursday, 30 January 2014 04:04 PM

රොකට් එකේ ගියා කියලා තාක්ෂණික රහස් හෙළිවෙන්නේ කොහොමද?හරියට මම ගුවන් යානයක ගියා කියලා මට ගුවන් යානයක් එකලස් කරන්න පුලුවන්ද ?(දිල්)

:       0       0

ජයා Thursday, 30 January 2014 06:02 PM

ඇමෙරිකාව කියනවා විතරයි. කවදාකවත් තනියම යුද්ධකයටවත් යනවාද? (දිල්)

:       0       0

ලක්මාල් Monday, 03 February 2014 11:34 AM

ඇමෙරිකාවට කලින් චීනයට ඕක කරන්න ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා!!(අ)

:       0       0

කසුන් Saturday, 01 February 2014 01:33 PM

මම හිතනවා චීන ජාතිකයෝ හරි කියල. කොහොම උනත් චින්න්නු දක්ෂයෝ. (දී)

:       0       0

ජාගුරු Sunday, 02 February 2014 05:40 PM

මදු , ලංකාවට සල්ලි නැත්තේ දහස් ගණන් දේශපාලකයෝ යි බිස්නස් කාරයොයි රට හූරන් කන නිසයි, හරි පාලනයක් නැති නිසයි, අපිටත් හොඳ පාලකයෝ ඉන්නවා නම් දියුණු වෙන එක සුළු දෙයක්. ඒත් ඔය අභ්‍යාවකාශ සංචාර මොන විහිලුවක්ද? ඔය සල්ලි වලින් ඇමරිකාව එයාලගේ රටේ ටෙන්ට් වල ජීවත් වෙන මිනිසුන්ට ගෙවල් හදල දුන්න නම් නරකද? (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 30 January 2014 07:24 PM

හසිනි චීන්නු ඔය වගේ මෝඩ ගහක් නෙවෙයි හලෝ (අ)

:       0       0

සාලිය Thursday, 06 February 2014 03:12 AM

දැන් එතකොට ඇමරිකන් කාරයෝ හිතන් ඉන්නේ චීන්නුන්ටයි, ඉරාන කරයින්ටයි, රුසියන් කාරයින්ටයි විතරයි ඕකේ මොනා හරි පේන්ඩ තියන තාක්ෂණයක් හොර කන් කරගන්ඩ පුළුවන් කියා. ඇයි වෙන ජාතියක කෙනෙකුට ඕක කරලා චීන්නුන්ට කියන්ඩ බැරිද ? සංචාරය කර ගන්ඩ බැරුව පරක්කුවට හේතු හදනවද කොහෙද මේ ගොල්ලල්න්.

:       0       0

එඩි දයාරත්න ඔස්ට්‍රලියා Saturday, 01 February 2014 05:24 PM

ඇමරිකාව ඉදිරියෙදී චිත්‍රපටි 10 හදයි ඕවට (දී)

:       0       0

සමන්ති Thursday, 30 January 2014 07:57 PM

හසිනි ඔයා බත් කැවාට ඔයාට උයන්ට බැනේද ? චීන්නු ඒවගේ නෙවෙයි .(අ)

:       0       0

ට්‍රිශාන් Thursday, 30 January 2014 09:06 PM

ද්‍රව ඉන්දන රොකටය ලෝකෙට හඳුන්වා දුන්නේ රුසියන් ජාතිකරොබට් ගොඩාර්ඩ්, ඒ කාලේ ඇමරිකාව සෝවියට් දේශය එක්ක ළඟින් තියන්නත් බැහැ,(අ)

:       0       0

රන්මලී Thursday, 06 February 2014 10:33 AM

චීනය ඇමෙරිකාවට වඩා වසර 40ක් හැම මොහොතකම පිටුපසින් තාක්ෂනය අතින් ඉන්න රටක්. ඇමෙරිකාව 1967 හඳට ගියා. චීනයට තවම හඳට මිනිහෙක් යවාගන්න බැරුව ඉන්නවා. රටක තාක්ෂණ දියුණුව මනින හොඳම උදාහරණය තමයි මගී ගුවන් යානා. ඇමෙරිකාව මගී යානා නිපදවීමට පටන් ගත්තේ දැනට වසර 75කට විතර පෙර. බෝයින් ගුවන් යානා කොතරම් දියුණුද. බටහිර රටවල් දැන් ගුවන් බස් නිපදවනවා. චීනයට මගී යානා නිපදවන්න තව වසර 50ක් වත් යයි. චීනයේ ජනාධිපතිත් යන්නේ බොයිං යානාවක. නයස්ටික තාක්සනය අතින් චීනය ඇමෙරිකාවට කිට්ටු කරන්නවත් බැහැ. ඕනෙම වෙලාවක මිසියිල 250 ක් අමෙරිකවෙන් චීනය දෙසට යොමුකරලා තියෙනවා. ඒත් චීනයෙන් ඇමෙරිකාවට එල්ල වෙලා තියෙන්නේ මිසියිල 5 යිලු. ඒවත් සුවර් නැහැ. බලන්න, චීන කාර් දිහා. ලෝකයේ කව්රුත් ගන්නේ නැහැ. ලංකාවේ තියෙන චෙරි කිව් කිව් r එක දැන් ගෙන්වීමත් නවත්වලා. දොස් එමටයි.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 05 February 2014 01:31 PM

සමන්! ඇමෙරිකන් කාරයෝ අඟහරු ලෝකයටත් යන්න සූදානම් වෙලාවේ අපේ මිනිස්සු දුනු හීතල අරගෙන වල ඌරන් පස්සේ එළවනවා. (අ)

:       0       0

මදු ..ප්‍රංශය Friday, 31 January 2014 11:08 PM

මේ සමාගම හරියටම ලංකාවේ අය ගැන දන් නැතිව ඇති . ඔය මොන රටටත් වඩා ලංකවේ කෙනක් මේ යානයක් දැක්කත් ඇති කොපි කරන්න .. අවාසනාවට සල්ලි නැති කම විතරයි (දී)

:       0       0

සුනිල් යහම්පත් Monday, 03 February 2014 03:53 PM

මේ ගොල්ලෝ සංචරයකන් අරන් උඩුගුවනට යන්නට කලින් චීනය රුසියාව එය කරන්නට ඉඩ තිබෙනවා . අභ්‍යවකාශයේ දැනුම අතින් ඉදිරියෙන් සිටින්නේ රුසියාවයි. මම හිතන්නේ වර්ජින් සමාගමට තාක්ෂනය ඔවුන්ගෙන් ලබා ගන්නට වේය කියා ඉදිරියේදී.(නදී)

:       0       0

දුල්ශාන් Sunday, 02 February 2014 09:34 PM

චීන තාකෂණයේ දියුණුව මුළු ලොවටම ආදර්ශයක්.ඒ වගේම ඔබ අභ‍ය‍්‍යාවකාශ ෂටලයක් තුලට ගොස් ඇත්නම් 80 ගනන්වල ඇමරිකා තාක්‍ෂණය ගැන විමතියට පත්වනු නො අනුමානයි.එදා එහෙමනම් අද කොහොම ඇත්දයි ඔබ සිතනවද?(දිල්)

:       0       0

ජයමාන්න කැකුලාවෙල Saturday, 01 February 2014 02:55 AM

හරි හරි සැමුවෙල්, ඇමිරිකාව අපිට එන්න එපා කියලා නිති දාලා නැහැනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site