IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ග්‍රහකයේ පස් අරන් නාසා යානය ආවා

සෞරග්‍රහ මණ්ඩලයේ, කිලෝ මීටර් මිලියන ගණනක් ඈතට ගොස්,  ‘බෙන්නු’ නමැති ග්‍රහකට ළං වී, එම ග්‍රහකයේ මතුපිට පස් සහ දූවිලි සූරා එක්රැස් කරගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ නමැති රොබෝ ගවේෂණ යානය, වසර හතක මෙහෙයුම අවසන් කරමින් යළි පෘථිවිය බලා පැමිණියේය.

සූරා එක් රැස් කරගත් ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි තැන්පත් කෙරුණේ ‘ඔසයිරස් රෙක්ස්’ යානයට සම්බන්ධ කුඩා කැප්සියුලය තුළය. රොබෝ යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව, පෘථිවිය අසලට පැමිණ, එම කැප්සියුලය පෘථිවිය දෙසට මුදා හැරියේය.

කැප්සියුලය, පෘථිවි වායුගෝලයට ඇතුළු වී, අධික වේගයෙන් පෘථිවි වායු ගෝලය හරහා පහළට පැමිණි අතර, කැප්සියුලයේ වේගය අඩාල වූයේ එහි පැරෂූට් දිග හැරීමෙනි. පෘථිවි වායු ගෝලයට ඇතුළු වෙද්දී කැප්සියුලය අධික තාපයෙන් ගිනි ගන්න වූ අතර, එය ආරක්ෂා වූයේ ඊට සම්බන්ධ කළ තාප ආරක්ෂක පද්ධතිය නිසාය.

කැප්සියුලය, මීට සුළු මොහොතකට ඇමෙරිකාවේ යූටා කාන්තාරයේ ස්ථානයකට පතිත කෙරුණි. ඒ සියල්ල සිදුවූයේ පෙර සැලැසුම් අනුවය. පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය පහළට පැමිණෙන ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහ නාසා විද්‍යාඥයෝ සූදානමින් සිටියහ.

‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය මීටර් 500 ක් පළල ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ 2016 දී ය. ‘බෙන්නු’ ග්‍රහකය පෘථිවියට වඩා පැරැණිය. එහි රහස් අනාවරණය කර ගැනීම, සෞරග්‍රහ මණ්ඩලයේ උපත සහ පරිණාමය පිළිබ‍ඳ අධ්‍යයනයට ඉතා වැදගත් බව නාසා ආයතනය පෙන්වා දෙයි.

2020 වසරේ දී ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකයේ වේගයට සමාන්තර වේගයකින්, ඊට සමීපව පියාසර කළේය. ‘ඔසයිරස් රෙක්ස්’ යානය, ඊට සම්බන්ධ රොබෝ අත යොදා ගනිමින්, ග්‍රහකය සූරා පස් සහ දූවිලි සාම්පල ලබා ගැනීම කළේ එම අවස්ථාවේදීය. එක් රැස් කර ගත් පස් සහ දූවිලි ප්‍රමාණය ග්‍රෑම් 250 කි. ඒවා යානය තුළ කුඩා කැප්සියුලයේ ආරක්ෂිතව තැන්පත් කෙරුණි. පෘථිවියේ ජීවය පහළ වීමේ රහස් අනාවරණය කර ගැනීමට ද මෙම පස් සහ දූවිලි උපකාරි වේවි යැයි නාසා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ ඈත පාවෙන ග්‍රහකයකින් පස් සහ දූවිලි පෘථිවියට ගෙනා පළමු අවස්ථාව මෙයයි. මීට පෙර ජපානය, 2020 වසරේ දී, රොබෝ යානයක් යවා ග්‍රහකයකින් පස් සාම්පල පෘථිවියට රැගෙනවිත් තිබේ. ඒ, ‘හයබූසා 2’ මෙහෙයුම යටතේය.

‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකයට ළං වෙද්දී එය පිහිටියේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 190 ක් දුරිනි.

 ‘බෙන්නු’ ග්‍රහකය සොයා ගනු ලැබුවේ 1999 සැප්තැම්බර් 11 වැනිදාය. හිරු වටා සැරිසරන දස දහස් ගණනක් ග්‍රහක අතරින්, විද්‍යාඥයන් බෙන්නු ගැන උනන්දුවක් දක්වන්නේ එය විශ්වය ආරම්භයේ දී සිදුවුණු හැල හැප්පීම්වලින් කැඩී වෙන්වී ගිය කැබැල්ලක් වීම නිසා පමණක් නොවන බව පැවැසෙයි. අනාගතයේ දිනක පෘථිවියට අනතුරක් විය හැකි ග්‍රහකයක් ලෙස විද්‍යාඥයන් ‘බෙන්නු’ ග්‍රහකය හඳුනාගෙන තිබේ.

2182 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ‘බෙන්නු’ගේ ගමන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහාය. ඒ අනුව, ග්‍රහකය පෘථිවියේ හැපීමට නියමිතය. ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි අධ්‍යයනය කරමින්, ග්‍රහකයෙන් පෘථිවිය බේරා ගැනීමේ ක්‍රමයක් සෙවීමට ද අනාගතයේ නාසා විද්‍යාඥයන්ට සිදුවනු ඇතැයි පැවැසෙයි.

කැප්සියුලය පෘථිවියට මුදා හැරීමෙන් පසු, ඇමෙරිකන් ඩොලර් මිලියන 800 ක් වැය කරමින් නිපදවූ ‘ඔසයිරස් රෙක්ස්’ යානය තවත් මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයේ ඈතට යැවීමට නාසා විද්‍යාඥයන් උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව, ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘ඇපෝසිස්’ නමැති ග්‍රහකය නිරීක්ෂණයට ගියේය. ‘ඔසයිරස් රෙක්ස්’ යානය, ‘ඇපෝසිස්’ ග්‍රහකය නිරීක්ෂණය කරනු ඇත්තේ 2029 වසරේදීය.

ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (3)

ග්‍රහකයේ පස් අරන් නාසා යානය ආවා

පියනන්ද Sunday, 24 September 2023 10:38 PM

මෙවැනි පුවත් අහන්නත් සතුටුයි. ස්තූතියි. ග්‍රහයෝ සහ තාරකා ගැන උදේ පාන්දර ඉඳන් පච හලන TV චැනල් සහ පචෝරිස්ලා නිසා අවිද්‍යා අන්ධකාරයටම ඇදිලා යන අපේ අලුත් පරපුරටවත් විද්‍යාවේ මේ ආලෝකය ලැබේවා!

:       0       2

අසිත සම්පත් Sunday, 24 September 2023 11:23 PM

ඉතා හොඳ වැදගත් මෙහෙයුමක්.මම ආසයි විශ්වය ගැන ඉගනගන්න

:       0       1

Bamunuarachchi Monday, 25 September 2023 07:16 PM

විශ්වයට ඉස්සෙල්ලා තමන් ගැන තමන් අවට ගැන ඉගෙනගන්න....!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site