IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගාසා තීරයෙන් මිලියන 1.1 ක් ඉවත් කරන්න යයි

ගාසා තීරයේ උතුරු කොටසේ ජීවත් වන සියලු පලස්තීන වැසියන් ඉදිරි පැය 24 ක කාලය තුළ ගාසා තීරයේ දකුණු කොටසට යා යුතු බව ඊශ්‍රායලය රජය නියෝග කර තිබේ.

ගාසා තීරයේ උතුරු කොටසේ මිලියන 1.1ක පලස්තීනුවන් පිරිසක් ජීවත් වෙති. කෙටි කාලයක් තුළ ඔවුන්ට ගාසා තීරයේ දකුණු කොටසට යෑමට බල කිරීම මගින් මහා මානව ඛේදවාචකයක් නිර්මාණය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කර තිබේ.

ගාසා තීරයේ උතුරු කොටසේ පලස්තීනුවන් ඉවත්ල කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර ඇත්තේ ඔවුන් එම කොටසට එල්ල කරන ප්‍රහාර වැඩි කිරීමට තීරණය කර ඇති බැවිනි. 

මේ අතර, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන අහිංසක පලස්තීන වැසියන්ට සහාය පළ කරමින් ඊශ්‍රායලයට විරෝධය දැක්වීමට එකමුතු වෙන්නැයි හමාස් සංවිධානයේ හිටපු නායක කාලිඞ් මෂාල්, ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

දිගින් දිගටම අසාධාරණයට ලක් වන පලස්තීන වැසියන් වෙනුවෙන් ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීමට එකමුතු වෙන්නැයි ද හිටපු නායක කාලිඞ් මෂාල් පලස්තීනයේ අසල්වැසි මුස්ලිම් රටවලින් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට කටාර් රාජ්‍යයේ සිටින හිටපු හමාස් නායක මෂාල්, හමාස් සංවිධානයේ විදෙස් ඩයස්පෝරා කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඊශ්‍රායලයට එරෙහිව මුස්ලිම් වැසියන් එකමුතු කිරීමට කාලිඞ් මෂාල් කළ ප්‍රකාශය ඉස්ලාමීය ජිහාද් අන්තවාදීන්ට කළ ආරාධනාවක් යැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(බීබීසී)



අදහස් (0)

ගාසා තීරයෙන් මිලියන 1.1 ක් ඉවත් කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 150 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 356 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site