IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගාසා තීරයට ඕනෑ හමාස් නොවන පාලනයක්

ගාසා තීරයේ පාලනය, හමාස් සංවිධානයට සම්බන්ධ නොවන, වෙනත් පාර්ශ්වයකට ලබා දිය යුතු යැයි ඊශ්‍රායලය පවසයි. 

මේ බව අවධාරණය කර ඇත්තේ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ය. ඒ, නේගේවි කාන්තාරයේ බීර් ෂේබා හමුදා මූලස්ථානයට ගොස් ඊශ්‍රායල හමුදා සෙබළුන් හමුවීමෙන් අනතුරුවය.

ඊශ්‍රායල හමුදා මේ වනවිට ගාසා තීරයට පහර දෙන්නේ, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමේ අරමුණින්ය. හමාස් සංවිධානය ගාසා පලස්තීන වැසියන්ගේ ඡන්ද බලයෙන්, ගාසා තීරයේ පාලනය සියතට ගත්තේ 2007 වසරේදීය.

හමාස් සංවිධානය දේශාපලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විත වන අතර, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන්නේත්, මේ වනවිට ඊශ්‍රායලය සමඟ අවි ගැටුම්වල නියැලෙන්නේත් හමාස් සන්නද්ධ අංශ සාමාජිකයන්ය. 

‘හමාස් සංවිධානය මුලිනුපුටා දමන තුරු අප ප්‍රහාර නවත්වන්නේ නැහැ. ගාසා තීරයේ පාලනය වෙනත් පාර්ශ්වයකට හිමිවිය යුතුයි. ජාත්‍යන්තරයේ ද සහාය ඇතිව නව පාලනයක් ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා’ යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.



අදහස් (0)

ගාසා තීරයට ඕනෑ හමාස් නොවන පාලනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site