IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගුවන් සමාගම පියා අහිමිකළැයි දරුවෝ නඩු දමති

තම පියා අහිමිවීම සම්බන්ධයෙන් දරුවන් දෙදෙනකු මලයාසියා ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව වගකිව යුතු බව ප්‍රකාශ කරමින් එම ආයතන වලට එරෙහිව නඩු පවරා ඇත. මේ දරුවන් දෙදෙනා තවමත්  13 හැවිරිදි හා 11 හැවිරිදි වියේ පසුවෙති.

ඔවුන් පවසන්නේ ජින් ජිංග් (41) නමැති තම පියා ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා ගමන් කරමින් සිටිය දී අතුරුදන්වූ එම්.එච්. 370 යානයේ ගමන් කළ බවයි. මලයිසියාව ඕස්ට්‍රේලියාව සහ චීනය ඒකාබද්ධව දකුණු දිග ඉන්දියානු ගැඹුරු මුහුදේ යානය සෙවිමේ කටයුතු කළ බැවින් යානය විනාශ වී ඇති බව බලධාරින්ගේ විශ්වාසය බවත් දරුවන් දෙදෙනා පවසයි.

නඩු පවරමින් පැමිණිලි පාර්ශවය දක්වා ඇත්තේ ගුවන් සමාගම විසින් ආරක්ෂා සහිතව ගුවන් යානය පියාසර කොට බීජිං හි ගුවන් පථයට ගොඩබෑම යන ගිවිසුම කඩකර ඇති බවයි. තවදුරටත් පැමිණිලිකරුවන් දක්වා ඇත්තේ අතුරුදන් ගුවන් යානය සමග නැවත  සම්බන්ධවීමට හෝ එය නියමිත කාලයකදී  සොයා ගැනීමට බලධාරීන් අපොහොසත් වි ඇති බවයි.

ව්‍යාජ බලපත්‍ර ඉදිරිපත් කරමින් යානයේ ඉරාන ජාතිකයන් දෙදෙනකු ගමන් කළ බවට තොරතුරු ඇතත් ඔවුන් නිසි පරිදි හඳුනාගැනීමට ගුවන් ආගමන බලධාරන් අපොහොසත් වීම ද ගැටළුවක් බව දරුවන්ගේ මව නැං පර්ල් මිංග් කියන්නීය.

මලයාසියා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂකවරයා වන අසුරුඩීන් අබ්දුල් රහමන් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ නඩුව ගැන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මගින් දැනගත් බවත් තවමත් නිළ වශයෙන්  ඒ ගැන දැන්වීමක් ලැබි නොමැති බවත්ය.



අදහස් (0)

ගුවන් සමාගම පියා අහිමිකළැයි දරුවෝ නඩු දමති

ඩොනල්ඩ් Wednesday, 05 November 2014 10:25 PM

ඉල්ලීම සාධාරණයි. නියම කොල්ලො දෙන්නෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site