IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගුවනේ දී යානය දුමින් පිරේ

ගුවන්ගත වූ යානයක හදිසියේම ඇති වූ දුමාරයක් හේතුවෙන් එංගලන්තයේ නැගෙනහිර මිඩ්ලන්ඩ් ගුවන්තොටුපොළට ගොඩබැස්වූ බව යුරෝපීය ගුවන් අනතුරු විමර්ෂන ඒකකය පවසයි.

මෙලෙස ගොඩබස්වා ඇත්තේ ඉබිසාවලින් ගුවන් ගත වූ යානයකි. බොයිං 737 වර්ගයේ එල්.එස්.644 නමැති මේ යානය ගුවනේ ගන්කරමින් තිබිය දී හදිිසියේ ම එහි ඇතුලත දුමාරයක් පැතිරගොස් ඇත.

අධික දුඟඳක් සමග දුමාරය පැතිර යද්දී මගීන් දැඩි ලෙස කලබලයට පත්ව කුඩා ළමුන් හඬා වැළපෙමින් සිටි බව එහි ගිය මගීන් පවසා ඇත. මේ සමග නියමුවන් තීරණය කළේ යානය මිඩ්ලන්ඩ් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑ යුතු බවයි. ඒ අනුව ගුවන් තොටුපොළට කරන ලද දැනුම් දීමකට අනුව ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා ගුවන්තොටුපොළ සූදානම් කැරිණි.

මිඩ්ලන්ඩ් ගුවන්තොටුපොළ නිලධාරීන් පවසා ඇත්තේ මේ යානය හදිසියේම ගොඩබස්වන බැවින් ගොඩබැස්සවීමට නියමිතව තිබූ වෙනත් යානා තුනක් බර්මින්ග්හැම් ගුවන්තොටුපොළට හරවා යවා විනාඩි 15 ට ගුවන් පථ වසා දැමූ බවයි.

කෙසේ වෙතත් මේ යානය ගොඩබැස්සවීමට ගත් පළමු උත්සාහය ව්‍යර්ථ විය. දෙවැනි උත්සාහය සාර්ථක විය. යානය ගොඩබස්සන විට ගිනි නිවන හමුදා ඒකක රැසක් ද එහි සූදානම්ව තිබිණි. යානය ගොඩබස්වා නතර කර සැණින් මගීන් එහි දොර විවෘතකර තටුව වෙතට නැග ඇත.

යානයේ ගමන්ගත් මගීන් කිසිවකුට තුවාල සිදු නොවුණි. ගුවන් සේවා බලධාරීන් පවසන්නේ යානයේ සිදුවූ සුළු විදුලි කාන්දුවක් හේතුවෙන් යානයට දුම් පිරී ඇති බවයි. මේ ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ද බලධාරීන් කියයි.

People 4 People 6

 



අදහස් (0)

ගුවනේ දී යානය දුමින් පිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site