IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ග්වන්තනාමෝ අවසන් පාකිස්තානුවාට නිදහස

කියුබාවේ ග්වන්තනාමෝ බොක්කේ පිහිටි ඇමෙරිකාවට අයත් ‘ග්වන්තනාමෝ’ සිරකඳවුරේ වසර 20 ක් රඳවාගෙන සිටි අවසන් පාකිස්තාන ජාතිකයාට නිදහස හිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

නිදහස ලබා ඇත්තේ, සයිෆුල්ලා පරාෂා නමැති 75 හැවිරිදි පාකිස්තාන ජාතිකයාය. නිදහස ලැබීමෙන් පසු සයිෆුල්ලා පරාෂා පාකිස්තානයේ සිටින ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත යැවූ බව ඇමෙරිකාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකන් ආරක්ෂක අංශ මොහු රඳවාගෙන සිටියේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට සැකකළ බැවිනි.

ඇමෙරිකන් ආරක්ෂක අංශ විසින් අල්ලා ගන්නා ත්‍රස්ත සැකකරුවන් කිසිදු නඩු විභාගයකින් තොරව, රඳවා තැබෙන්නේ ග්වන්තනාමෝ යනු සිර කඳවුරේය.ග්වන්තනාමෝ සිර කඳවුර වධකාගාරයක් යැයි ද පැවැසෙයි.මෙම කඳවුර ආරම්භ කෙරුණේ 2001 වසරේ ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය. එම ප්‍රහාරය මෙහෙය වූයේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ය.

අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට සැක කළ මුස්ලිම් ජාතිකයන් බොහෝ දෙනකු මෙම සිරකඳවුරේ රඳවා තැබේ. ඔවුන් වැඩි දෙනකු නිදහස් කිරීමට නොහැකි බවත්, ඔවුන් දරුණු ගණයේ ත්‍රස්තවාදීන් බවත් ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

ග්වන්තනාමෝ අවසන් පාකිස්තානුවාට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site