ඕමානයේ ගල්ෆ් කලාපයේ දී අනතුරට ලක්වූ ඉන්ධන නෞකා දෙකක කාර්ය මණ්ඩලයේ 44දෙනකු බේරාගත් බව ඉරාන බලධාරීහු පවසති.
පැනමාවට අයත් කොකුකා කරේජස් නම් නෞකාවේ 21දෙනකු සහ නෝර්වීජියානු ෆරන්ට්ලයින් නෞකාවේ 23 දෙනකු මෙලෙස බේරාගෙන ඇත.
තහවුරු නොකළ වාර්තා, නෞකා දෙකම ප්‍රහාරයන්ට ලක්වුණු බව සඳහන් කරයි.
නෝර්වීජියානු නෞකාවේ නැප්තා ටොන් 75000ක් පටවා තිබූ බවද දියයට සවිකර තිබූ බෝම්බයක් පුපුරා යෑමෙන් අනතුරට ලක්වුණු බවද සඳහන් වේ. එම නෞකාව ගිනි ගන්නා බවද පැවසේ.
ඉරානයට සැතපුම් 16ක් දුරින් නැවතී තිබෙන කොකුකා කරේජස් නැවේ මෙතනෝල් ගබඩා කර තිබී ඇති අතර නැව ගිලීයෑමේ අවධානමක් නැතැයි බලධාරීහු පවසති.
බේරාගත් කාර්ය මණ්ඩලය ඉරානයේ ජාස්ක් වරාය වෙත රැගෙන යන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(විදෙස් මාධ්‍ය ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගල්ෆ් කලාපයේ ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාරයක්