IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ග්‍රීසිය මහජන ඒකරාශිවීම් සීමා කරයි

 

නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් රෝහල් පිරී යෑම හේතුවෙන් මහජන ඒකරාශී වීම් සීමා කිරීමට ග්‍රීසිය පියවර ගෙන ඇත.

ඒ අනුව පුද්ගලයන් සිවුදෙනකුට හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක මහජන හෝ පුද්ගල හෝ ඒකරාශීවීම් තහනම් යැයි ග්‍රීක පොලිසිය අද නිවේදනය කළේය.

ප්‍රාථමික පාසල්, පෙරපාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සියල්ල වසා දමන බව ග්‍රීසය ඊයේ, එනම් සෙනසුරාදා නිවේදනය කළේය.

ග්‍රීසියෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන ද දහස ඉක්මවා ගොස් තිබේ.

මෙම නීති නොතකා කටයුතු කළහොත් මහජන ඒකරාශී වීම් සංවිධානය කරන දේශපාලන හෝ වෙනත් පාර්ශව හා සංවිධානවලට යුරෝ 5,000ක දඩයක් ද තනි පුද්ගලයන්ට යුරෝ 3,000ක දඩයක් ද නියම කරන බව ග්‍රීසියේ පොලිසිය නිවේදනය කර ඇත. ඒවාට සහභාගී වන පිරිස් හා පුද්ගලයන්ට යුරෝ 300ක දඩයක් නියම වේ.

සෙනසුරාදා දිනයේදී පමණක් ග්‍රීසියෙන් වයිරස ආසාදිතයන් 2,835ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 72,510ක් දක්වා ඉහළ ගියේය. අවසන් පැය 24 දී එරටින් වයිරස ආසාදිත මරණ 38ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 1,035ක් දක්වා ඉහළ ගියේය.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (0)

ග්‍රීසිය මහජන ඒකරාශිවීම් සීමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 710 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site