IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ගර්භාෂ බද්ධයෙන් දරුවන් බිහිවේ ?

 

බද්ධ කළ ගර්භාෂයකින් උපතලබන ලොව ප්‍රථම දරුවා ලබන වසරේදී බිහිකිරීමට හැකිවන බව වෛද්‍යවරු කියති.

උපතින්ම ගර්භාෂය අහිමි වූ හෝ ගර්භාෂය ඉවත්කළ හෝ ගැහැනියකට වෙනත් අයකු විසින් පරිත්‍යාග කරන ලද ගර්භාෂයක් බද්ධකැර දරු උපතක් ලබාදිය හැකි බව ස්වීඩ්න්හි වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් කියති. ඔවුන් පවසන්නේ ළමයි නැති කාන්තාවන් නම දෙනකුට දැනටමත් ගර්භාෂ බද්ධකැර ඇති බවයි.

දරුවන් බිහිකැර තවදුරටත් දරුවන් බිහිකිරීමට අපේක්ෂාවක් නොමැති කාන්තාවකගෙන් ලබාගන්නා ගර්භාෂයක් මෙලෙස බද්ධ කරයි. දැනටමත් ගර්භාෂ බද්ධකර ගැනී‍මේ අපේක්ෂාවෙන් 15,000 ක් පමණ පිරිසක් සිටින බව ද පර්යේෂකයෝ කියති.

මෙහි එකම ගැටළුව වන්නේ අවයව ලබා ගන්නේ ජීවත්ව සිටින ධානපතියන්ගෙන් වීමයි. එයට හේතුව වී ඇත්තේ මේ ශල්‍කර්මය ජීවිත අවධානමක් පැවතීමයි. එක් වෛද්‍ය පරිසක් පවසන්නේ ගර්භාෂ බද්ධය සදහා යොදා ගත යුත්තේ මියගිය අයගේ ගර්භාෂ පමණක් බවයි. නමුත් ගර්භාෂයක් බද්ධ කිරීම සදහා එය සජීවී ආකාරයෙන් සිරුරෙන් වෙන්කැර ගැනීම වියදම් අධික ශල්‍යකර්මයකි.

ගොතන්බර්ග් විශ්ව විද්‍යාලයේ දශකයකට වඩා කාලයක් තිස්සේ සංකීර්ණ ශෛල්‍යකර්ම කරනු ලබන වෛද්‍යවරයෙක් වන වෛද්‍ය මැට් බ්‍රන්ස්ට්‍රෝම් පවසන්නේ මෙම ශෛල්‍යකර්මය නවතාලයේ එකක් බවයි. අලුත් ගර්භාෂයක් ලබාගන්නා ස්ත්‍රීන් හොඳින් කටයුතු කළයුතු බවත් ඔවුන් ඉක්මනින්ම ගර්භනීතත්වයට පත්විය යුතු බවත් වෛද්‍ය බ්‍රන්ස්ට්‍රෝම් කියා කියයි

 

 



අදහස් (7)

ගර්භාෂ බද්ධයෙන් දරුවන් බිහිවේ ?

සේන Saturday, 18 January 2014 07:31 PM

බද්ද කරනලද ගර්භාෂයකින් දරුවෙක් බිහිවුනොත් දරුවාගේ ජාන ගර්භාෂය ය අයත් මුල් කාන්තාවගේ ජානද නැත්නම් ගර්භාෂය බද්ද කරනලද කාන්තාවගේ ජානද? කරුනාකර දන්නා කෙනෙක් පැහැදිලි කරනවද? (නදී)

:       0       0

පහන් Saturday, 18 January 2014 07:35 PM

මොලේ මාරු කරන්න ඕනේ කීපදෙනෙක් ඉන්නවා. හොයාගෙන නැද්ද ක්‍රමයක් තාම. මම හිතන්නේ එයාලගේ මොලේ මැරිලා. (නදී)

:       0       0

චායා Saturday, 18 January 2014 07:55 PM

සේන,ගර්භාෂය අලුතින් ලබාගත් කාන්තාවගේ ජාන උපදින දරුවාට ලැබේ. ගර්භාෂය යනු කලලයක් දරුවෙක් බවට පත්වන තුරු තබාගන්න නවාතැනක් වැනි කොටසකි. එබැවින් ගර්භාෂය අයත් මුල් කාන්තාවගේ ජාන දරුවාට නොලැබේ. මීට වැඩිය මෙය පැහැදිලි කිරීම සංකීර්ණය.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 18 January 2014 08:13 PM

අම්මලා දෙන්නෙක් දරුවන්ට අයිතිවාසිකම් කියයිද? (නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 18 January 2014 08:14 PM

පහන්‍. එයාලගේ මොළේ වැඩි වෙනකොට තේරෙයි.

:       0       0

ජෝන් Sunday, 19 January 2014 01:02 AM

සේනා, ඡායා චායා කියන දෙය තවත් විස්තර කලොත්, ගර්භාශය දෙන කාන්තාවගේ ජාන දරුවට ලැබෙන්න නම් ගර්භාෂය පමණක් නෙමෙයි ස්ත්‍රී ප්‍රජනන පද්ධතියම ඩිම්බ කෝෂත් සමග බද්ද කළ යුතුයි. නමුත් එහෙම දෙයක් තවම සිද්ද වෙලා නැහැ.(නදී)

:       0       0

දිනේෂා Monday, 16 January 2023 04:13 AM

අනේ කොච්චර දෙයක්ද? මටත් ආසයි තව දරුවෙක් හදන්න... මට එක දුවෙක් ඉන්නවා. දුව හම්බෙනකොට මගේ ගර්භාෂය හැකිලෙන්නේ නැහැ කියලා ලේ යන එක නවත්තන්න බැහැ කියලා අයින් කළා... මමයි, මගෙ මහත්තයයි... අපි ආසයි දරුවෙක් හදන්න... ගර්භාෂයක් බද්ධ කරන්න පුළුවන්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 487 2

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 113 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 639 1

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 470 2

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 2270 1

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 117 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1298 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1545 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site