IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගොර්බචොව්ගේ අමංගල්‍යයට පුටින් නෑ

අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කරයි.

ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසා ඇත්තේ, පුටින් අවමංග්‍යයට සහභාගී නොවනු ඇත්තේ ඔහුගේ රාජකාරි කටයුතු හේතුවෙන් බවය.
මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල උත්සවය හෙට  (2) දින රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට නියමිතය. ඒ, මොස්කව් අගනුවර ‘ද හවුස් ඔෆ් ද යූනියන්ස්’ ගොඩනැගිල්ලේ, ‘හෝල් ඔෆ් කොලම්ස්’ ශාලාවේ පැවැත්වෙනු ඇත.

දිගු කාලයක් තිස්සේ රෝගීව සිටි 91 හැවිරිදි මිහායිල් ගොර්බචොෆ් මියගියේ පසුගිය 30 වැනිදාය. එම අවස්ථාවේ පළමුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කළේ රුසියන් ජනපති පුටින්ය. ඉන්පසු ගොර්බචොෆ්ගේ දේහය රුසියන් මහ රෝහලේ මහජන ගෞරවයට තැන්පත් කර තිබුණු අතර, ජනපති පුටින් එහි ගොස් දේහයට ගෞරව දැක්වීය.

(රොයිටර්)



අදහස් (0)

ගොර්බචොව්ගේ අමංගල්‍යයට පුටින් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site