IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම වැඩිවෙයි

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම මෙම වසරේ දී වාර්තාගත ලෙස වැඩිවී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.

එම හේතුවෙන් ලෝකයේ මුහුදු මට්ටම මිලිමීටරයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් ඔවුහු පවසති.

ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව බ්‍රිතාන්‍යයේ භූමි ප්‍රමාණය මෙන් හත් ගුණයකින් විශාල වන අතර කිලෝමීටර් 2-3ක ඝනකමින් යුක්ත වේ.

මෙහි මිදුණු ජලය ගබඩා වී ඇති අතර සම්පූර්ණ අයිස් තට්ටුවම දියවී ගියහොත් මුහුදු මට්ටම මීටර් 7කින් පමණ ඉහළ යනු ඇතැයි පැවසේ.

මුහුදු මට්ටම ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ යෑම පවා පහත් භූමි ප්‍රදේශ සහිත රටවල් වලට බරපතල ගැටලු ඇති කරන බවත් ලෝකයේ මිලියන ගණනක් ජනතාව එයින් පීඩාවට පත්වෙනු ඇති බවත් විද්‍යාඥයෝ සඳහන් කරති.

බංගලාදේශය, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය, එංගලන්තයේ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ලොව වටා බොහෝ පහත් භූමි වලට  මුහුදු මට්ටම ඉහළ යෑමෙන් දැඩි බලපෑම් ඇතිවන බව හඳුනාගෙන ඇත.

විද්‍යාඥයින් පවසන්නේ 2002 වර්ෂයේ සිට මේ දක්වා ග්‍රීන්ලන්ත අයිස් තට්ටුවෙන් අයිස් ටොන් ට්‍රිලියන හතරක් පමණ දියවී ගොස් ඇති බවයි.

(බීබීසී ඇසුරිණ - 085)



අදහස් (2)

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම වැඩිවෙයි

රවින් Thursday, 05 September 2019 09:39 AM

ඇමර්සන් වනාන්තරය, කොන්ගෝ වනාන්තරය වැනි ගෝලීය උෂ්ණත්වය අඩුකළ හැකි වනාන්තර තෙත් භුමි එක පැත්තකින් මිනිසා විසින්ම හිතා මතාම විනාශ කරන කොට, පරිසර සමතුලිතාවය බිදෙනකොට වෙන සිදුවීම් මාලාව. අපේ රටෙත් මෙවැනි සිදුවීම් තම පටු වාසි තකා කෙරෙන බව කවුරු කවුරුත් දන්නවානේ?

:       0       18

victor Friday, 06 September 2019 03:49 PM

ට්‍රම්ප් එන නිසා බයවෙලා වෙන්න ඇති...

:       50       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site