IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගුරුන්ටත් ගිනි අවි

පාසල් සිසුන් හා ගුරුවරුන් 150 දෙනෙකුට මරු කැඳවූ පෙෂාවොර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු එම ප‍්‍රදේශයේ පාසැල් ගුරුවරුන්ට හා කාර්යමණ්ඩලයන්ට ඔවුන්ගේ හා සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි ලබාදීමට පකිස්තාන රජය තීරණය කර තිබේ.

තලේබාන් ත‍්‍රස්තයින් කළ පෙෂාවොර් ප‍්‍රහාරය පකිස්තාන ඉතිහාසයේ අඳුරුතම සිදුවීමකි.කුඩා දරුවන් හිත්පිත් නැති අයුරින් ඝාතනය කළ ත‍්‍රස්තයෝ ගුරුවරුන් ඇතැමෙක් ගිනි තබා මරා දැමූහ.

පෙෂාවොර් ප‍්‍රදේශය ත‍්‍රස්තවාදීන් වඩාත් ගැවසෙන කයිබර් දුර්ගය ආසන්නයේ පිහිටා තිබීම සැළකිල්ලට ගෙන මෙසේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි ලබාදීමට තීරණය කළ බව පකිස්තාන රජය පවසයි.

ඊට අමතරව ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමටත් පියවර ගැනීමට නියමිතය.රජයේ පාසැල් වටා අඩි 8 ක් පමණ උස් ප‍්‍රාකාරයන් ඉදිකිරීමටත්,පෞද්ගලික පාසැල් වලට ආරක්ෂක සේවා ලබාගැනීමේදී පිළිපැදිය යුතු නීති දැඩි කිරීමටත් වහාම පියවර ගන්නා බව පකිස්තාන බළධරයින් කියයි.

සිවිල් වැසියන්ටද ගිනි අවි පුහුණුව ලබාදී ඔවුන්වද ප‍්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් යොදාගැනිමේ සැළැස්මක්ද ඇති බව සඳහන්ය.

කෙසේවුවත් මෙසේ ගිනි අවි බෙදාදීම සම්බන්ධයෙන් විද්වතුන්ගේ මනාපයක් නොමැත.විශේෂයෙන් ගුරුවරුන්ට ගිනි අවි ලබාදීම කෙරෙහි විරෝධය පළ කරන ඔවුන් ගිනි අවියක් රැගෙන පන්තිය වෙත එන ගුරුවරයා දකින සිසුවාගේ ඇතිවන්නේ ගෞරවයක් නොව බියක් බව කියයි.

කළහකාරී සිසුන් ගැවසෙන විශ්වවිද්‍යාල හා උසස් පාසැල් වල උගන්වන ගුරුවරුන්ද මෙසේ ගිනි අවි ගෙනගියහොත් එක් නිමේෂයක වෙනසකින් මහා ලේ වැගිරීමක් ඇතිවීමේ විශාල අවධානමක් තිබෙන බවටද ඔවුන් අනතුරු අගවයි.

 



අදහස් (0)

ගුරුන්ටත් ගිනි අවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site