IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගැබිණි සමයේ රටකජු කෑම දරුවන්ට ගුණයි

ගැබිණි මව්වරු රටකජු ඇතුළු ඇට වර්ග ආහාරයට එක්කැර ගැනීමෙන් ආසාත්මිකතා ඇතිවීම අඩුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත.

රටකජු ආසාත්මික පුද්ගලන රට කඩු කෑමෙන් හා ඒවා ස්පර්හයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙලෙන අතර එය ඇතැම්විට ජීවිත අවධානමකට පවා හේතුවක් වේ.

ගැබිණි මව්වරුන්ට මෙතෙක් දී තිබූ උපදේශය වූයේ රටකජු කෑමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවයි. ඇදුම ‍රෝගය ඇති පවුල්වලට මේ තත්ත්වය විශේෂ විය.

පර්යේෂකයන් විසින් ළමුන් 8205ක දත්ත විශ්ලේෂණය කැර ඇත. ඒ අනුව 308 දෙනකු ම ආහාර ආසාත්මික තාව ලින් පෙළෙන්නන් වූ අතර 140ක් රටකජු වලට ආසාත්මිකතාවක් දක්වා ඇත. රනිල කුලයේ ඇට වර්ග, කජු හෝ පිස්ටචිවෝස් වැනි ඇට වර්ග වලට වැඩි නැඹුරුතාවක් ඇති බව ද හෙළි වී තිබේ. නමුත් ගර්භනී සමයේ දී සතියකට පස් වරක් රටකජු ආහාරයට ගත් මව්වරුන්ගේ දරැවන් අසාත්මිකතාවෙන් වැළකී ඇතැයි ද මේ පර්යේෂණයෙන් හෙළිවි ඇත.

මේ අධ්‍යයනය සිදුකළ බොස්ටන්හි ළමා පිළිකා මධ්‍යස්ථානයේ වෛද්‍ය ලින්ඩ්සේ ප්ලේෂියර් පවසන්නේ තම අද්‍යයනය මගින් ගර්භනී සමයේ දී ඇට වර්ග අනුභවයෙන් ළමයින් ආසාත්මිකතාවට පත්වීම වැළැක්වීමට හැකි වූ බවයි.

ඇමෙරිකාවේ චිකාගෝ හි නෝර්ත් වෙස්ටිටර්න් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පෙන්බර්ග් විද්‍යාලයේ ආචාර්ය රුචි ගුප්තා පවසන්නේ ගර්භනී සමයේ දී මවකගේ ආහාර වේලට සීමා පැමිණවීම නොකළ යුතු දෙයක් බවයි.

ඇට වර්ග කෑමෙන් ආසාත්මිකතා ඇතිවන කාන්තාවන් පමණක් ගර්භනී කාලයේදීත් ඇට වර්ග ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු බවත් අන් අය ඇට වර්ග කෑමෙන් වැළකීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මේ පර්යේෂකයෝ පෙන්වා දෙති.

 

.

 

 



අදහස් (0)

ගැබිණි සමයේ රටකජු කෑම දරුවන්ට ගුණයි

කලනි Saturday, 28 December 2013 09:29 PM

මේවා බටහිර රටවල් වල තියන ප්‍රශ්න. අපේ රටවල් වල රටකජු අසාත්මික අය විරලයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 89 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site