දරුවන්ට ගණිත ගැටළු විසඳීම සම්බන්ධයෙන් අර්බුදකාරි තත්වයක් ඇත්නම් එහි වගකීම තම මව වෙත පැවරීමට හැකිවන ආකාරයේ සොයාගැනීමක් කළ බව විද්‍යාඥයෝ කියති.
ඇත්තේ ගර්භනී කාලයේ ස්ත්‍රීන්ගේ හෝර්මෝන මට්ටම වයස අවුරුදු පහක් වූ දරුවාගේ ගණිත දක්ෂතාව හා සම්බන්ධතාවයක් පවතින බව ද ඔවුහු කියති.
මවුවරුන්ගේ තයිරොක්සින් මට්ටම පහළ වැටුණු විට තම උපදින දරුවන්ගේ ගණිත හැකියාව දෙගුණයකින් පහළ යන බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දී තිබේ.
ගර්භාෂයේ සිටින කළලයට තම මවගෙන් ලැබෙන තයිරොක්සින් දරුවාගේ මොලය වර්ධනයට ඉතාමත් තීරණාත්මක සාධකයකි. නමුත් බොහෝ ගර්භනී මව්වරුන්ගේ මෙම හෝර්මෝනය ඉතාමත් අඩු මට්ටමක පවතී.
පර්යේෂණ ප්‍රධානි මාර්ටිජන් ෆින්කන් මව්කුසයේ සිට දරුවන් පාසල් යාම දක්වා පාසැල් ගමන ආරම්භ වනතුරු ළමුන් 1200 ක් ගැන අධ්‍යනය කර තිබේ.
මවගේ දරු ගැබට සති 12 සිට තයිරොක්සින් මට්ටම මැනබලා ඇති අතර එම ළමයින් වයස අවුරුදු පහේ දී ගණිතයට සහ භාෂා පරික්ෂණවලට දක්වන කුසලතාවය හා සැසඳීය.
මෙයින් තයිරොක්සින් මට්ටම ඉතාමත් අඩුව පැවති මව්වරුන්ගේ ගර්භාෂයේ වැඩුනු දරුවන් ගණිතයට දක්වා ඇත්තේ ඉතාමත් අල්ප දක්ෂතාවයක් බව සොයාගෙන තිබේ.
හෝර්මෝන මට්ටම දරුවන්ගේ වචන ප්‍රමාණය සහ භාෂා හැකියාව අතර සම්බන්ධයක් නොමැති බව ද සොයාගෙන ඇත.
ආචාර්ය ෆින්කෙන් පවසන්නේ මෙයට හේතුව විය හැක්කේ භාෂා හැකියාව අපගේ ශික්ෂණය කෙරෙහි බලපෑම බවයි.
අපේ ගණිත හැකියාව අනෙක් අතින් සෘජුවම නැවතත් මොලයේ වර්ධනය ප්‍රකාශ කරණ බව පෙනීයයි.
ළමා අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ ඇම්ස්ටර්ඩෑම්හි වීයු විශ්ව විද්‍යාලීය වෛද්‍ය මධ්‍යස්ථානයේ පර්යේෂක තවදුරටත් ළමයින්ගේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් පාසැල් කාලය තුලදීද සොයා බැලීම් කර තිබේ.
මෙම තත්වය වලක්වා ගැනීමට ගර්භනී සමයේදී ස්ත්‍රීන්ගේ හෝර්මෝන තත්වය ගැන පරික්ෂණ කර මෙම හෝර්මෝන අඩු අයට ඒවා කෘතිමව ලබා දිය යුතුයැයි ද පර්යේෂකයෝ නිර්දේශ කරති.
බ්‍රිතාන්‍ය මහාචාර්ය ජෝන් ලැසරස් පවසන්නේ ගර්භනී පූර්ව සමයේ නූපන් ළදරුවන්ට තයිරොක්සින් නිපදවිමට නොහැකි බවයි.ඔහු පවසන්නේ ගර්භනී මවුවරුන් දිනකට අයඩීන් මයික්‍රො ග්‍රෑම් 100 – 150 ක් ලබා ගැනීම ආරක්ෂාකාරි බවයි.
බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් පවසන්නේ බොහෝ තරුණ ගැහැනු ළමයින්ගේ අයඩින් ඌනතාවක් තිබෙන බවයි. එය ඉතා අන්තරාදායක ලෙස අඩු ප්‍රමාණයක් බව ද ඔවුහු පෙන්වාදෙති. 2011 පාසැල් යන ගැහැණු ලමුන් 700 ක් යොදා කරණ ලද අධ්‍යනයකදී හෙලිවූයේ එයින් සියයට 70 ක් ඛනිජ ඌනතාවයන්ගෙන් පෙලෙන බවයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගණන් බැරිනම් වරද අම්මාගේ
ලක්මාල් Monday, 22 September 2014 07:10 AM
අසෝකා ඔබගේ තේරුම් ගැනීමේ හැකියාව ගැන ඉතා කණගාටුයි. මෙම ලිපිය නැවත වරක් කියවන්න. (ස)
අසෝකා Sunday, 21 September 2014 04:26 PM
කොහොමත් දරුවෙකුට යමක් බැරි උනොත්; පොඩි හරි වරදක් කලොත් ඒක වැටෙන්නේ අම්මගේ ගොඩට. කොච්චර මහන්සියෙන් දරුවෙක් පාසල් යවල කවල පොවලා හදලා විභාගයක් පාස් උන ගමන් එතකොට තාත්තා. ඕක මේ සමාජයේ පුරුෂාධිපත්‍යයේ සාධාරනියකරණයක් මිසක් සත්‍ය නෙමෙයි. (නදී)