IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ගංගානම් ගඟ පිටාර ගලා 600 ක් මරුට

නවදිල්ලි නුවරදීය (ඬේලිමේල් ඇසුරිනි)
ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම් නිසා ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ මියගිය ගණන 600 තෙක් ඉහළ ගොස් ඇතැයි ප‍්‍රාන්ත බලධාරීහු පවසති.
ගංගා නදිය පිටාර ගැලීමට පටන් ගත්තේ මීට සතියකට පමණ පෙර සිටය. ඒ, ඉන්දියාවට මෝසම් වැසි සමය උදා වීමත් සමඟය. ඉකුත් වසරවලට වඩා මේ වසරේ අධික වර්ෂාපතනයක් ලැබුණු බව ඉන්දීය කාලගුණ විද්‍යාඥයෝ පවසති.
ගංගා නදිය පිටාර ගැලීමත් සමඟ හටගත් සැඬ රළ පහර, සුනාමියක් සේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ දිස්ති‍්‍රක්ක කිහිපයකට කඩා වැදී නගර රැසක් මුළුමනින්ම විනාශ කළ බව ද වාර්තා විය.
සැඬ පහරට හසුවීමෙන් පාලම් පහක් කැඞී ගොස් ඇත. කඳු නාය යෑමෙන් මාර්ග අවහිර වී ඇත. ජල ගැලීම් සහ නායයෑම් නිසා හිමාල කඳුකරයට පැමිණ සිටි හින්දු වන්දනාකරුවෝ දහසකට වැඩි පිරිසක් විවිධ ස්ථානවල කොටුවූහ.
ඉන්දීය හමුදාව හෙළිකොප්ටර් යොදා ගනිමින් එම පිරිස් බේරා ගත් බව වාර්තා විය. නිවාස අහිමිවීමෙන් ලක්ෂයකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි උත්තරකාන්ද් මහ ඇමැති විජය බගුනා පවසා තිබේ.
මේ වනවිට වර්ෂාව අඩු වී ගංගා නදියේ ජල මට්ටම ද කෙමෙන් කෙමෙන් පහව යමින් පවතින අතර ගං ඉවුරේ මඩ තට්ටු අතර මළ සිරුරු ගොඩගසා ඇති බව ඉන්දියාවේ එන්.ඞී.ටීවී පුවත් සේවය ඊයේ (23) වාර්තා කළේය. විපතට පත්වූවන්ට සහනාධාර ලබා දීම ද ලහිලහියේ සිදුවන බව ඉන්දීය මධ්‍යම රජය කියා සිටී.



අදහස් (0)

ගංගානම් ගඟ පිටාර ගලා 600 ක් මරුට

කුමාරි Monday, 24 June 2013 12:21 PM

2012 ලෝක විනාසේ එනවා කියල කට්ටිය බලන් හිටිය. ලොව සැම තැනින්ම මොන යම් හෝ දෙයකින් ජිවිත හානි සිදුවෙනවා. මේ සිදුවීම් දිහා අවබෝදයෙන් බලල තම තමන්ගේ නිවන ගැන හිතුවොත් හැමෝටම යහපතක්ම වේවි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1711 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site