IMG-LOGO

කෘමි වර්ණයෙන් ගෝලීය උණුසුම ගැන දත්ත ලැබෙයි

සමනලුන් , බත්කූරන් හා වෙනත් කෘමීන්ගේ වර්ණය ගෝලීය උණුසුම හා සම්බන්ධ යැයි වසර 18ක් පුරා කරන ලද පර්යේෂණක ප්‍රතිඵල නිකුත්කරමින් පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල සිටින සමනලුන් හා කූරන් තද පැහැති වන අතර උණුසුම් දේශගුණයක් සහිත ප්‍රදේශවල සිටින සමනලුන් හා කූරන් ලා පැහැති වන බවයි.

මේ සතුන් හිරුගේ ශක්තිය උරාගැනීම සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් නිරූපනය කරන බව ද එමගින් පියෑඹීම සඳහා අවශ්‍ය ශක්තිය මෙන් ම ශරීර උෂ්ණත්වය ද යාමනය කරන බව පර්යේෂකයෝ කියති. මේ පර්යේෂණයේ ප්‍රධානී ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් හි මහාචාර්ය කාර්ස්ටන් රේබෙක් පවසන්නේ දේශගුණික වෙනස් වීම්වලට බොහෝ කෘමින්ගේ වාසභූමිය බලපාන බවයි.

1988 සිට 2006 දක්වා වර්ෂ 18 ක් සමනලුන් වි‍ශේෂ  ගැවසෙන  ප්‍රදේශ 366 ක් හා කූරන් විශේෂ  ගැවසෙන ප්‍රදේශ 107 ක දත්ත මෙම  පර්යේෂණයේදී විශ්ලේෂණය කර තිබේ.

මෙම සඟරාවේ කර්තෘ වන ජර්මනියේ මාර්බග් හි පිලිප්ස් විශ්ව විද්‍යාලයේ ඩර්ක් සිවුස් පවසන්නේ ශාක හා සතුන්ගේ ජීවන විවිධත්වය ගැන සලකන විට සමහර විශේෂයන්හි දක්නට ලැබෙන අනුවර්තන විශ්මයජනක බවයි.

සමනලුන් සහ කූරන් ගේ විශේෂයන් ඔවුනගේ හැකියාව හා වර්ණයන්හි විවිධත්වය මත යුරෝපය පුරා උෂ්නත්වය යාමනය බෙදාහැරීම පෙන්වා දීමට හැකියාව ලැබුන බව ද පර්යේෂකයෝ කියති.

මේ දක්වා අපට කෘමි සත්ව සංහතිය මගින් වන විශාල වෙනස් කම් දකින්නට හැකිවුව ද මුත් දැන් මෙම වෙනස් කම් සඳහා වන ප්‍රධාන හේතු පිලිබඳ අදහසක් ඇති බව ද පර්යේෂකයෝ කියති.

 

 


 

 



අදහස් (0)

කෘමි වර්ණයෙන් ගෝලීය උණුසුම ගැන දත්ත ලැබෙයි

ගිම්හාන් Monday, 02 June 2014 08:06 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 333 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 809 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site