IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කුහුඹු ජනපද අටක් උඩු ගුවනේ

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නවතම සාමාජිකයෝ  සිටිනුයේ කුහුඹුවෝය.

මෙම කුහුඹුවන් නාසා ආයතනයම අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබූවන්ය.වාර්තා වන අන්දමට කුහුඹු ජනපද 8 ක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නාසා ආයතනය සැරසෙයි.

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගුරුත්වය රහිත පරිසරයේ කුහුඹුවන් කෙසේ හැසිරෙනු ඇත්දැයි නිරීක්ෂණය කිරීම නාසා විද්‍යාඥයින්ගේ අරමුණයි.එම නිරීක්ෂණයන් ආධාර කරගෙන රොබෝවරු නිපදවීමට ඔවුන් බලාපොරොත්තු වන බව සදහන්ය.

කුහුඹුවෝ සමූහ වශයෙන් ක්‍රියාකාරී වෙති. තවද එක් එක් කුහුඹුවාට නිශ්චිත වූ වගකීමක් ඇතැයි කුහුඹු ජනපද නිරීක්ෂණය කිරීමෙන් නිගමනයකට එළැඹීමට විද්‍යාඥයින්ට හැකිව තිබේ. කුහුඹු ජනපදයක්   මුලදී කුඩා වපසරියක ක්‍රියාකාරී වෙයි.   පසුව  ක්‍රමයෙන් ජනපදයේ වපසරිය වැඩි කර ගන්නා අන්දම විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇත.කුහුඹුවන් ඔවුන්ගේ හිස් මත පිහිටා ඇති ‘ඇන්ටනා‘ හෙවත් ස්පර්ශක මගින් එකිනෙකා හා ‘කතා‘ කිරීමද විද්‍යාඥයින්ගේ අවධානය දිනා ගැනීමට සමත්වී තිබේ.

නමුත් ගුරුත්වය අඩු පරිසරයකදී කුහුඹුවන්ට නව පරිසරයට අනුවර්තනය වීමට සිදුවනු ඇත.එහිදී කුහුඹුවන්ට තම තමන්ගේ රාජකාරි වල යෙදීමට නව උපක්‍රම භාවිතා කිරීමට සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති. කුහුඹුවන් ඉක්මනින්ම විවිධ පරිසර තත්ත්වයන්ට අනුගත වන සත්ත්වයින් විශේෂයක් වේ.

මේ සියල්ල නිරීක්ෂණය කොට කුහුඹුවන් හා ක්‍රියාකාරීත්වයෙන් සමාන රොබෝවරු තැනීම විද්‍යාඥයින්ගේ අපේක්ෂාවයි.එම රොබෝවරු ආධාරයෙන් ගොඩනැගිල්ලක් තැනීම වැනි භාරධූර වැඩකටයුතුද සපුරා ගත හැකි වනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.

තනි තනිව ක්‍රියාකාරී වනවාට වඩා එක්ව ක්‍රියාකිරීමෙන් වැඩකටයුතු කාර්යක්ෂමව නිම කර ගත හැකිවීම කුහුඹුවන්ගෙන් තමන් උගත් ලොකුම පාඩම බව විද්‍යාඥයෝ කියයි.



අදහස් (0)

කුහුඹු ජනපද අටක් උඩු ගුවනේ

පබ් Tuesday, 21 January 2014 01:09 AM

කුහුබුවන් අභ්‍යවකාශයට යවනවා වෙනුවට, එම පරිසර තත්වයන් විද්‍යාගාරයක් තුල ඇතිකලනම් අඩු වියදමෙන් කරන්න තිබුන..(අ)

:       0       0

ධම්ම Sunday, 19 January 2014 02:29 PM

නාසා ආයතනයට ඇති තරම් කුහුඹු ජනපද සපයන්න මට පුළුවන්. අපේ ගෙදර ඉන්න කුහුඹුවෝ මට හරි කරදරයක් වෙලා තියෙන්නේ. ගෙදර අය උන් විනාශ කරනවට කැමතිත් නැහැ.(දිල්)

:       0       0

දයා අලහාකොන් Monday, 20 January 2014 01:12 PM

කුහුඹුවෝ ගනලාද නැතිනම් කිලෝ ගානට දෙන්න බලාපොරොත්තුව (දී)

:       0       0

සමන් Wednesday, 22 January 2014 04:10 PM

ලංකාවේ කොහෙද කූඹ් ඇඹලයෝ නේ ඉන්නේ.(නදී)

:       0       0

අනුර ගුණවර්ධන Monday, 20 January 2014 12:30 AM

ඉස්සෙල්ලම ඔක්කොම අල්ලලා පෙටිටියකට දාන්න. පස්සේ බැරියැ නාසා එකට කතාකරන්න.(නදී)

:       0       0

ප්‍රේමකුමාර Thursday, 23 January 2014 08:47 PM

නිල් තල්මස් ජනපදයකුත් හදමු (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site