සංගත තැටි, මතක චිප ආදියේ ආගමනයත් සමග අමතකව ගිය කැසට් පටිය නව ආරකින් නැවත ලොවට හදුන්වාදීමට ජපානයේ සෝනි සමාගම සැරසේ.
සෝනි සමාගම පවසන ආකාරයට මේ සමග නව කැසට් පටයේ ධාරිතාව ටෙරාබයිට 185 ක් පමණ වේ.එය දැනට ඇති සියලූම ආකාරයේ දත්ත ගබඩා කිරීමේ උපකරණ හා උපාංග වල ධාරිතාවන්ට වඩා දහස් ගුණයකින් වැඩි ගණනකි.
පෙර චුම්භක අංශු ඇතිරීමෙන් තැනූ පටිය වෙනුවට පුළිගු අතුරා තනා ඇති පටියක් මෙම කැසට් පටයේ ඇත.
කැසට් පටයක දත්ත ගබඩා කිරීම සිදුවන්නේ එහි පටියේ අතුරා ඇති අංශු වල පිහිටීම වෙනස් කිරීමෙනි. මෙසේ පිහිටීම වෙනස් කිරීමට කැසට් පට පටිගත කිරීමේ යන්ත්‍ර වලට හැකිය. බොහෝ අවස්ථාවන්හිදී කැසට් පටි වල දත්ත ගබඩා කිරීම සිදුවනුයේ ශබ්ද මාධ්‍යයෙන්ය.
චුම්භක අංශු යොදා තැනූ කැසට් පට සාර්ථක වූවත් එම අංශුන්ට පටිය මත වැඩි ඉඩක් අවැසි වීම නිසා ගබඩා කළ හැකි දත්ත ප්‍රමාණය සීමා සහිත විය.විකල්පය වූ පටියේ දිග වැඩිකිරීම එතරම් සාර්ථක වූයේ නැත.
පුළිගු අතුරා කැසට් පටි නිපදවීමේදී පෙර ඇතිරූ චුම්භක අංශු ගණනට සාපේක්ෂව දෙතුන් ගුණයකින් වැඩි පුළිගු ප්‍රමාණයක් පටියක ඇතිරීමට සෝනි සමාගම සමත්ව ඇත.මෙනිසා එම පටි වල ධාරිතාවද ඉහළ ගොස් තිබේ. පුළිගු අතුරා තනා ඇති හෙයින් මෙම නව පටිවල ගුණාත්මක භාවයද ඉහළ යැයි සොනි සමාගම කියයි.
පුළිගු ඇතිරිල්ල නිසාම අපට සුපුරුදු දුඹුරු කලූ පැහැය නව කැසට් පටියට නැත.එය නිල් පැහැතිය.
කැසට් පට අභාවයට ගොස් ඇතැයි බොහෝ දෙනා සැළකූවද ඒවා තවමත් දත්ත ගබඩා කිරීමේ කටයුතු සදහා යොදාගැනේ. පුස්තකාල හා ශබ්දාගාර වැනි ස්ථාන වල දත්ත ගබඩා කිරීමේ ප්‍රධාන මාධ්‍යයක් වන්නේ කැසට් පටයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැසට් පටය තිරිහන් කරයි
සත්‍යපාල Thursday, 08 May 2014 11:46 AM
මොනවද පුලිඟු කියන්නේ ? දන්නා කෙනෙකු පහදලා දෙන්න. (ස)
ඩීසීඩී Thursday, 08 May 2014 07:18 AM
සමහරු සිංහල ඉගෙනගන්න පංතියකට ගියා නම් හොඳයි කියලා හිතෙනවා (නි)
ඩීසීඩී Wednesday, 07 May 2014 06:36 PM
පුළිගු අතුරන්න පුලුවන්ද වචන දන්නෙ නැත්නම්? (නි)
බණ්ඩාර Friday, 09 May 2014 01:01 AM
"මැග්නටික් ක්‍රිස්ටල් පාටිකල්ස්" වලට තමයි ඔය පුළිගු කියන්නෙ. (නි)