IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කුසගිනි නිවන කාරයක් එයි

රියැදුරා සමග ‘යහළු‘ විය හැකි මෝටර් රථයක් නිපදවීමට ජපානයේ ටොයෝටා මෝටර් රථ සමාගම සමත්ව ඇතැයි වාර්තා වේ.

නිශ්පාදකයන් පවසන පරිදි මෙම මෝටර් රථය රියැදුරාගේ සිතුවිලි කියැවීමේ සමත් අතර එම සිතුවිලි වලට ගැලපෙන ආකාරයට ‘හැසිරීමටත්‘ සමත්ය.

උදාහරණයක් ලෙස රියැදුරා කේන්තියෙන් සිටින අවස්ථාවක ඔහුට සිත නිවන සංගීතය  වාදනය කිරීමට මෝටර් රථය කටයුතු කරයි. රියැදුරාට කුසගිනි යැයි හදුනාගතහොත් ළගම ඇති අවන්හලට යා හැකි වන සේ තම මාර්ග සැළැස්ම මෝටර් රථය සකස් කර ගනු ඇත.

නිෂ්පාදකයන්  කියන විදියට මෝටර් රථය රියැදුරාගේ සිතැගි හදුනාගනු ලබන්නේ මුහුණේ සටහන් වන හැගීම් ග්‍රහණය කර ගත හැකි සංවේදක පද්ධතියක් මගිනි.

මෙම අරුම පුදුම මෝටර් රථය එළැඹෙන ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතය.

 



අදහස් (0)

කුසගිනි නිවන කාරයක් එයි

චන්දි Wednesday, 13 November 2013 12:16 PM

උපාලි මහත්තයා බය වෙච්ච තරමක් .....හානේ පව් මෙයා ...!!!! (ස)

:       0       0

ඉෂාර Friday, 15 November 2013 09:03 AM

අලුත බැඳපු මනමාලයෙකු වැඩ ඇරී ගෙදර එන විට, ඔහුගේ මනමාලී මතක් වීය. කාර් එක හැගුම් තේරුම් ගෙන ලිබර්ටි ප්ලාසා එක පැත්තට සිතියම සැකසීය. (ස)

:       0       0

ශිරාණි Tuesday, 12 November 2013 07:08 AM

මට ඕනේ රියදුරෙක් නැතුව යන්න පුලුවන් කාර් එකක්. (නදී)

:       0       0

චමත් Tuesday, 12 November 2013 07:23 AM

පරණ කාර් වල තිබ්බ ගතිය දැන් කාර් වල නෑ. නිකම් බෝලගෙඩි වගෙයි. බලන්නත් කැතයි. බලන්න මේ කාර් එක හැටි? 1970-80 ගණන් වල ආපු කාර් තමයි ලස්සනම කාර්.(නදී)

:       0       0

උපාලි Wednesday, 13 November 2013 08:14 AM

මට මේ පස්සේ මතක් වුනේ. මේ කාරෙක තනිකරම අන්ද මන්ද වෙලා කැලේටම යනවා මේක දේශපාලනඥයෙක් පැදෙව්වොත්. ඒ ගොල්ල හිත හිතා යනදෙවල් මුණ බලලා තේරුම් ගන්න පුළුවන් සමතෙක් මේ ලෝකෙ නැහැ. පවු කාරෙක. (අ)

:       0       0

එස්. කුමාර Wednesday, 13 November 2013 02:16 PM

මගේ හිතේ තියෙන අදහස් ඔක්කොම එයාට කියවන්න පුලුවන් වෙයිද?? (ස)

:       0       0

සෙනරත් Monday, 11 November 2013 11:54 AM

යන්න පුළුවන් තනියම නේද........ නමුත් ගාන කීයද? (ස)

:       0       0

චන්දි Monday, 11 November 2013 07:51 PM

හැබැයි මේක අපිට ප්‍රයෝජනවත් වේවි වගේ, මේකට නැගලා දරුවන් ගැන හිතුවා.ඊට පස්සේ එයා මාව දරුවන් ළගට ගෙනිච්චා. දරුවෝ බැලුවා. ආයෙම නැග්ගා. රස්සාව ගැන හිතුවම ගෙනත් දාවි නියමයි නේද...? ඒත් ඉතින් ගාන ඇහුවම, ලෑලි හතරෙන් යන්න වේවිද දන්නෙ නැහැ නේද....? (නි)

:       0       0

විජේ Monday, 11 November 2013 12:36 PM

රියදුරාට සල්ලි නැති වෙලාවට සල්ලි දෙන්න මේ කාරයට බැරිද දන්නේ නැහැ. එහෙම පුළුවන් උනානම් මම ගන්නවා ගාන කීය උනත් කමක් නැහැ. (ස)

:       0       0

මෙන්ඩිස් Tuesday, 12 November 2013 03:25 PM

චමත් - ඒක තමා. බලන්න දැන් එන බී.එම්.ඩබ්ලිව් අවුඩි වගේ වාහන කැතේ බෑ නේ. (නදී)

:       0       0

නුගේගොඩ Tuesday, 12 November 2013 08:54 AM

අඩුම ගානේ දෙන්නෙක් වත් යන්න පුළුවන් නම් මම ගන්නවමයි තියෙන සේසතම දීලා හරි. (ස)

:       0       0

බණ්ඩා Tuesday, 12 November 2013 09:42 PM

චමත් , අපේ ගෙදර පරණ බඩු තියෙනවා , ඕනේ නම් නිකන් ගෙනියන්න .

:       0       0

හසරැල් Tuesday, 12 November 2013 09:25 AM

ප්‍රියන් ඔබ හොඳට හිතල බලල වැඩ කරන කෙනෙක් වගෙයි. (ස)

:       0       0

කැලුම් Tuesday, 12 November 2013 09:50 AM

අපෝ මමත් ගන්නේ නැහැ.අපිට හිතෙන දේවල් වල හැටියට කොහේ නවතීද දන්නේ නැහැ. (ස)

:       0       0

සුසන්ත Friday, 15 November 2013 12:11 PM

මේවා එච්චර සාර්ථක දේවල් නෙවේ. ඔටෝ කන්ට්‍රෝල් වලට වඩා මැනුවල් හොඳයි. මොකද අපි හිත අපිට ගොඩක් පාලනය කරන්න බෑනේ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. (ස)

:       0       0

අලාන් Wednesday, 13 November 2013 07:40 PM

මොනවා වුණත් නියම කාර් එක (නි)

:       0       0

අජන්ත Tuesday, 12 November 2013 04:30 PM

වැඩට යන්න මේකට නැග්ග විට බොස්ව මතක් උනොත් කොහේ ගෙනි යයිද දන්නේ නැහැ. (ස)

:       0       0

කමල් Monday, 11 November 2013 02:09 PM

බඩගිනි උනාම මම නම් ඉක්මනට ගෙදර යන්න තමයි බලන්නේ වැඩිය කඩෙන් කන්න කැමැති නැහැ. මේ කාර් එක මාව අවන්හලක් ලගට ගෙනිච්චොත් නම් මට තද වෙනවා සිකුරුයි. ඒක නිසා මේක ගන්නේ නැහැ. (ස)

:       0       0

ගීත Tuesday, 12 November 2013 10:21 PM

ලෝකයේ තාක්ෂණික දියුණුව අගය කරමු ජපන්නු හපන්නු කියන්නේ ඒක තමා (දී)

:       0       0

චමී Friday, 15 November 2013 12:36 PM

අපිට හිතෙන දේවල් වල හැටියට කාරෙකට පිස්සු හැදෙයි.(නදී)

:       0       0

එස්. ගමගේ Monday, 18 November 2013 09:50 AM

අපි කැම්පස් යන කාලේ තිබුණා නම් නියමයි. (ස)

:       0       0

උපාලි Wednesday, 13 November 2013 12:30 AM

කාර් එක යන යන තැන් රෙකෝඩ් වෙනවද? ආපහු ගෙදර ගියාම වෙන අයට බලන්න පුලුවන්ද ආ ගිය තැන්? මට නම් එපා මේක. (නි)

:       0       0

චානක Thursday, 14 November 2013 11:54 AM

හදිස්සියේ අපිට ගෑනු ළමයෙක් බලන්න හිතුනොත්, ලස්සන ගෑනු ළමයි ඉන්න තැනකට යන පාර පෙන්නනවද ඒක ? (ස)

:       0       0

ප්‍රියන් Monday, 11 November 2013 04:13 PM

අපෝ මම නම් ගන්නෙ නෑ. පාරේ ලස්සන ගෑණු ළමයෙක් ගියොත් මට යන්න වෙන්නේ හිරේ තමයි. (ස)

:       0       0

කැලුම් Tuesday, 12 November 2013 12:18 PM

මේ ඉබ්බාගේ ගියොත් වෙන වාහන යටින් තමයි යන්න වෙන්නේ. (ස)

:       0       0

ඒ.එස්.එම්. ( ඩබ්ලිව් ) Thursday, 14 November 2013 12:34 PM

වාව් මරුනේ ලොකේ ගොඩක් දියුණු වෙලානේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site