ක්ෂය රෝගය හඳුනා ගැනීමට සහ බිම් බෝම්බ තිබෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා මීයන් පුහුණු කිරීමේ වැඩ සටහනක් ටැන්සානියාවේ ක්‍රියාත්මක කැර ඇත.
හොර ගති ඇති මීයා රෝග බෝකරන්නකු ලෙස ප්‍රකටය. මේ සඳහා මීයන් යොදා ගැනීමෙන් මිනිසුන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට හැකියාව ඇතැයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ටැන්සානියාවේ ඇපෝ සංවිධානයේ ප්‍රධාන් බාර්ට් විට්ජෙන්ස් පවසයි.
විට්ජෙන්ස් පවසන්නේ තමන් විසින් පුහුණු කර ඇති මීයන්ට පැයකට වර්ග අඩි 200 ක් පරික්ෂා කිරීමට හැකි බවයි. මෙම ප්‍රමාණය අතින් පරික්ෂා කිරීමට පැය 50 ක් ගතවේ. ක්ෂයරෝගය අනාවරණය කිරීමේ පරික්ෂා කිරීමට පුහුණු කර ඇති මීයන්ට මිනිත්තු 8 කදී සාම්පල 50 ක් පරික්ෂාකර හැකිය. මෙම ප්‍රමාණය රසායනාගාර කාර්මිකයෙකුට පරික්ෂා කිරීමට දවසක් පමණ ගතවේ.
මෙලෙස මීයන් පුහුණු කිරීමේ දී මීයන් පැටවුන් කාලයේදී මිනිසුන් සමග ගැවසීමට ඉඩසලසයි. පසුව මෙම මීයන්ට රටකජු හෝ කෙසෙල් දීමෙන් තෘප්තිමත් කරති. ඊට පසු පුපුරණ ද්‍රව්‍ය හෝ ක්ෂය රෝග සාම්පල ඉවකර හඳුනා ගැනීමට සලස්වයි.
ක්ෂය රෝගය හඳුනා ගැනීම පුහුනු කරණු ලබන්නේ මීයන් රසායනාගාර තුල තබාගනිමිනි. ඒ පුහුණුව මාස හයකි. බිම් බෝම්බ සොයා ගැනීමට පුහුණු කරණු ලබන මීයන් පළමුව වැලි පිරවු පෙට්ටියක් අතරට යවයි මෙහි ටීඑන්ටී වැනි පුපුරණ ද්‍රව්‍ය ඉවකිරීමට යොමු කෙරේ. මෙම කටයුත්ත සඳහා මීයන් මාස නමයක් පුහුණු කෙරේ.
ඇති තරම් මීයන් සිටින බැවින් මේ කාර්යයට මීයන් යොදා ගැනීම ඉතා ලාබදායි බවයි. බල්ලන් මේ සඳහා පුහුණු කිරීමට ඊට වඩා තුන්ගුණයක් වැය කිරීමට සිදුවන බව ද ඇපෝ සංවිධානය කියයි. මීයන් ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු බැවින් අවශ්‍ය තැනට ප්‍රවාහනය පහසු බව ද එම සංවිධානය පෙන්වාදෙයි.
2025 නොවැම්බර් මස 04
405
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2184
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්ෂය රෝගය හොයන්න මීයෝ එති
රණසිංහ Wednesday, 01 October 2014 06:43 AM
වැඩේ නම් නියමයි. (ස)
ගයාන් Tuesday, 30 September 2014 03:43 PM
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේද (දී)
දිලුක Friday, 03 October 2014 04:49 AM
එතකොට පූසන්ට මොකද වෙන්නේ? (නි)
දිනේෂ් Friday, 03 October 2014 04:59 AM
ලෝකය වෙනස් කරන මිනිසුන්... (නි)
තාරක Wednesday, 01 October 2014 10:00 AM
නියම වැඩේ නේද?(දිල්)
ළහිරු Friday, 03 October 2014 06:22 AM
.ලෝකය වෙනස් කරන්න.ඉදිරියට යන්න අලුත් අදහස් අවශ්‍යයි.තමන්ගේ වටිනා වෙලාව නාස්ති නොකර අලුත් දෙයක් නිර්මාණය කරන්න.ඒ දේ ලෝකයේ යහපත් පැවැත්ම වෙනුවෙන් යොමු කරන්න. (අ)