IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කාශ්මීර ප්‍රහාරයෙන් මියගිය සාමාජිකයන්ට කෝටි 110 ක ප්‍රදානයක්

ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේදී එරට හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයන් වෙනුවෙන් එරට විද්‍යාඥයකු ඉන්දීය රුපියල් කෝටි 110ක් ප්‍රදානය කර තිබේ.

 

පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එල්ල කරන ලද එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40ක් ජීවිතක්ෂයට පත්වූහ.

 

ඉන්දියාවේ මුම්බායි හී ජීවත්වන මුර්තාසා ඒ. හමීඞ් නැමැත්තෙකු එලෙස මුදල් ප්‍රදානය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ‘ජාතික සහන අරමුදලට’ එම මුදල් ප්‍රදානය කර තිබේ. 

 

තමන් මුදල් ප්‍රදානය කරන්නේ කාශ්මීරයේ පුල්වාමා ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සුබ සාධනය උදෙසා යැයි හමීඞ් ඊමේල් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර තිබෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ද අවස්ථාවක් ඉල්ලා ඇත. 

 

මුර්තාසා ඒ. හමීඞ් උපතේ සිට ඇස් නොපෙනන අතර ඔහු මේ වනවිට 41 වැනි වියේ පසුවෙයි. හමීඞ් කෝඨා හි රජයේ වාණිජ විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කළ අතර මේ වනවිට මුම්බායි කේන්ද්‍ර කරගනිමින් පර්යේෂකයකු හා විද්‍යාඥයකු ලෙස කටයුතු කරයි.  

 

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි 

 

055

 



අදහස් (0)

කාශ්මීර ප්‍රහාරයෙන් මියගිය සාමාජිකයන්ට කෝටි 110 ක ප්‍රදානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 788 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site