IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ක්වාලාලම්පූර් නුවර පාසලක ගින්නකින් 25ක් මරුට

මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර ඉස්ලාම් ආගමික පාසලක ඇතිවූ ගින්නකින් සිසුන් 23දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු මියගොස් ඇත.

ශ්වසන ආබාධ වලින් පෙලුණු තවත් දරුවන් පිරිසක් රෝහල් ගත කළ බවත් මියගොස් ඇත්ත‍ේ අවුරුදු 13ත් 17ත් අතර වයසේ පිරිමි දරුවන් බවත් පොලිසිය පවසයි.

මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ ගින්න ආරම්භ වී ඇති බවත් එම අවස්ථාවේ දරුවන් නින්දේ පසුවන්නට ඇති බවත් පැවසේ.

කුරානය ඉගෙන ගැනීම සඳහා දරුවන් මෙම පාසලට ඇතුලත් වන අතර ඔවුන් මෙහි පාසලේ නේවාසිකව අධ්‍යයනය කටයුතු වල නිරත වන බව වාර්තා වී ඇත.

ගිනිනිවීම් හා හදිසි මෙහෙයුම් ඒකකයේ ප්‍රධානියා පවසන්නේ ගින්න වාර්තා වූ සැනින් අදාල ස්ථානයට ලඟා වූ බවයි. කෙසේ වුවුද ගින්න මැඩ පැවැත්වීම සඳහා පැයක පමණ කාලයක් ගතවී ඇත. 

මලයාසියාවේ පසුගිය වසර 20ක කාලය තුළ ගින්නකින් සිදුවූ දරුණුම අනතුර මෙය බව බලධාරීහු පවසති.

(ද ගාඩියන් ඇසුරිණි - 085)



අදහස් (0)

ක්වාලාලම්පූර් නුවර පාසලක ගින්නකින් 25ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2369 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site