නොවැම්බර් ජනාධිපතිවරණයෙන් කවුරු ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවත්, ඒ ඕනෑම ජනාධිපතිවරයකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව රුසියාව වෙනුවෙන්, එරට විදේශ ඇමැති සර්ගේ ලැව්රෝෆ් පවසයි.
‘ඇමෙරිකන් වැසියන්, ඔවුන්ගේ නායකයා ලෙස කවුරු තෝරා ගන්නා ඕනෑම කෙනකු සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න අප සූදානම්. නව ඇමෙරිකන් ජනාධිපතිවරයා සාධාරණ අයුරින්, අනෝන්‍ය වශයෙන් ගෞරවාන්විත ආකාරයට සංවාදයක නියැලෙන්නේ නම් අප ඒ ගැන වඩාත් සතුටු වෙනවා’ යැයි සර්ගේ ලැව්රෝෆ් පැහැදිලි කර තිබේ.
ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටිද්දී, රුසියාව සමඟ හෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ හෝ ගැටුම් ඇති කර ගත්තේ නැත. එම නිසාම රුසියන් හිතවාදියකු යැයි ට්‍රම්ප්ට චෝදනා එල්ල විය. මෙවර ජනාධිපතිවරණයට ට්‍රම්ප් ද ඉදිරිපත් වෙයි. ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් යළි ජනාධිපති ධුරයට පත් වුවහොත් පැය 24 ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කවුරු ජනපති වුණත් සහයෝගයෙන් වැඩ කරනවා