
අප්‍රිකා රටවලින් ආරම්භ වී, සෙසු රටවලට ව්‍යාප්තවීමට පටන්ගත් ‘වඳුරු උණ’ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය, ‘කොවිඩ් 19’ වයිරසයට සමාන කළ නොහැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ, යුරෝපා කලාපයේ ප්‍රධානී හාන්ස් ක්ලූජ් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.
‘වඳුරු උණ’ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය, ‘කොවිඩ් 19’ වයිරසය තරම් බිහිසුණු එකක් නොවන බවත්, ‘එම් පොක්ස්’ ගෝලීය වසංගත තත්ත්වයක් ඇතිවීමට ඉඩක් නොමැති බවත් එය පාලනය කර ගැනීම පහසු බවත් හාන්ස් ක්ලූජ් වැඩි දුරටත් පවසා ඇත.
‘එම් පොක්ස්’ වයිරසයේ සුලමුල සහ එය ව්‍යාප්ත වන ආකාරය සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට හොඳ පැහැදිලි අවබෝධයක් ඇති බවත්, වයිරසයට ප්‍රතිකර්මයක් ලෙස, එන්නත් ලබා දීම සිදු කරන බවත් හාන්ස් ක්ලූජ් පැහැදිලි පෙන්වා දී තිබේ.
‘වඳුරු උණ’ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය, ‘වඳුරු පැපොල’ යන නමින් ද හැඳින්වෙයි. වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ලබා දෙන එන්නත්, පැපොල රෝගය වැළැක්වීමට ලබා දෙන ඔසුවට සමානය.
කෙසේ නමුත්, මේ වනවිට ලොවට තර්ජනයක් වෙමින්, අප්‍රිකා රටවලත්, ලොව සෙසු රටවලත් ව්‍යාප්තවීමට පටන් ගෙන ඇත්තේ ‘එම් පොක්ස්’ වයිරසයේ, ‘1බී’ නමින් හඳුනා ගත් නව ප්‍රභේදයයි. මෙම නව ප්‍රභේදය පළමුවෙන් හඳුනාගත්තේ අප්‍රිකා රටවලිනි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලබල එපා: ‘වඳුරු උණ’ ‘කොවිඩ්’ වගේ නොවෙයි