චීනයේ මූලිකත්වයෙන් කෙරෙන කලාපීය ආර්ථික ගිවිසුමකට අකැමැත්තක් නැතැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් පැවසීය.
කෙසේ නමුත් පසුගිය වසරේදී චීනය රටවල් 14ක එකඟත්වයෙන් ඉදිරිපත් කළ ආර්ථික ගිවිසුමෙන් ඉන්දියාව ඉවත් විය.
චීනය ඉකුත් නොවැම්බර් මාසයේදී රටවල් 14ක් සමඟ එක්ව කලාපීය පුළුල් ආර්ථික සහයෝගීතා ගිවිසුමට (ආර්.සී.ඊ.පී) එක්විය.
එම ආර්ථික ගිවිසුමෙන් සිය ගොවීන්ට, ව්‍යාපාරිකයන්ට, සේවකයන්ට සහ පාරිභෝගිකයන්ට හානි සිදුවන බව පවසමින් ඉන්දියාව අවසන් මොහොතේදී ඉන් ඉවත් විය.
ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් සියල්ල, චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය එම ගිවිසුමට එක්විය.
“ආර්.සී.ඊ.පී. ගිවිසුම සැලකිල්ලට ගත්තාම අපිට එහි පිරිවැය සහ ප්‍රතිලාභ දිහා බලන්න වෙනවා. අපි එම ගිවිසුම නැවත සලකා බලනවා. එහි ආර්ථික සහ වෙළෙඳ යෝග්‍යතාව ගැන විමසිලිමත් වෙනවා. අපි එම ගිවිසුම අමතක කරලා නැහැ” යැයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීවේය.
රොයිටර්
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘කලාපීය ආර්ථික ගිවිසුමට අකමැත්තක් නෑ’