IMG-LOGO

කාලගුණ අනාවැකිය වැරැදිලා ජංජාලයක්

වැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ, ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දමා ඇත.

පසුගිය සෙනසුරාදා (20), හංගේරියානුවෝ ශාන්ත ස්ටෙපන් දිනය සැමරීමට සූදානම් වූහ. ශාන්ත ස්ටෙපන් දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස සැලකෙන අතර, එදින රාත්‍රීයේ ඉතා අලංකාර මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වෙයි.

රාජ්‍ය අනුග්‍රහයෙන්, වාර්ෂිකව පැවැත්වෙන මෙම අලංකාර මල් වෙඩි සංදර්ශනය හංගේරියාවේ අනන්‍යතාවක් වන අතර මිලියන 20 කට වැඩි පිරිසක් එම නැරැඹීමට බුඩපෙස්ට් අගනුවරට එක්රොක් වෙති.

පසුගිය 20 වැනිදා ද බුඩපෙන්ස්ට් අගනුවර, ඩැනියුබ් නදිය දිගේ කිලෝ මීටර් 5 ක් දුරක, ස්ථාන 240 ක, මල් වෙඩි 40,000 ක් සූදානම් කර තිබුණේ රාත්‍රියේ ඒවා දැල්වීමේ අරමුණ ඇතිවය.

මල් වෙඩි සංදර්ශනයට සියල්ල සූදානම් වෙද්දී, හංගේරියානු ජාතික කාලගුණ විද්‍යා සේවය, අනාවැකි නිකුත් කළේ ප්‍රචණ්ඩ වැහි කුණාටුවක් නගරයට හමා එන බවත්, මල් වෙඩි සංදර්ශනය පැවැත්වීමට නොහැකි වනු ඇති බවත් පෙන්වා දෙමිනි. ඒ අනුව, අකමැත්තෙන් වුවත් මල්වෙඩි සංදර්ශනය අවලංගු කෙරුණි. මෙය බොහෝ දෙනාගේ නොසතුටට හේතුවක් විය.

කෙසේ නමුත් අනාවැකිය බොරු කරමින්, වැහි කුණාටුව අගනුවර මඟ හැර ගිය අතර, අගනුවරට වැසි ඇද හැලුණේ නැතැයි පැවැසෙයි. වැසි ඇද හැලුණේ නැගෙනහිර ප්‍රදේශ කීපයට පමනක් බව ද හංගේරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ජාතික කාලගුණ විද්‍යා සේවයට නිවැරදිව කාලගුණ අනාවැකි කීමට නොහැකි යැයි හංගේරියානු ජනතාව අතරේ විරෝධයක් සහ අප්‍රසාදයක් නැගෙන්න විය. ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන්, සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියත්, නවෝත්පාදන අමාත්‍ය ලැස්ලෝ පල්කොවික්ස්, එම ප්‍රධානීන් ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දැමීමට කටයුතු කළේය.

(රොයිටර්)



අදහස් (8)

කාලගුණ අනාවැකිය වැරැදිලා ජංජාලයක්

යෝගා Tuesday, 23 August 2022 06:18 AM

අපේ නම් කාලගුණේ වහිනවා කිව්වොත් අනිවාර්යයෙන් පායනවා. පායනවා කිව්වොත් වහිනවා. ඒ අතින් අපේ අය ටක්කෙටම හරි...!

:       0       0

ravin Tuesday, 23 August 2022 07:50 AM

එහෙත් ඉන්නෙ මෙහෙවගෙ අමතිවරුද? සැටලයිට් තාක්ශනික පින්තුර හා වීඩියෝ බලුවොත් පෙනෙයි සුලග හමන දිසාවල් ක්ශනිකව මොහොතින් මොහොත වෙනස්වෙනබව.

:       1       0

රුවන් Tuesday, 23 August 2022 09:51 AM

ලංකාවේ අනාවැකි කියන විදියට, හරිනම් ලංකාවේ කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුවේ කවුරුත් නැති වෙන්න ඕනේ.

:       0       11

Gagana Tuesday, 23 August 2022 09:57 AM

ලංකාවේ උන් හරි වාසනාවතයි.... නැත්නම් කියන අනාවැකිවල හැටියට මුන්ව රටින් පිටුවහල් කරන්න වෙන්නේ.

:       0       7

දුලින්ද Tuesday, 23 August 2022 10:08 AM

හංගේරියාවේ ජනගහනයත් මිලියන 10යි. මිලියන 20ක්?

:       0       1

Vira Tuesday, 23 August 2022 11:43 AM

එහෙනම් අපේ රටේ ඉන්න නිලධාරින්ව එල්ලන්න වෙන්නෑ කියන බොරුවලට

:       0       4

sharm warn Tuesday, 23 August 2022 12:22 PM

මෙහෙ ඉල්ලා අස්වෙන්න කවුරුවත් නැහැ. ජනතාව තමයි ඉල්ලා අස්වෙලා රටත් ඇරලා යන්න ඉන්නේ.

:       1       5

විපරමා Tuesday, 23 August 2022 02:01 PM

කාලගුණ අනාවැකි කෙසේ වෙතත් රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත බලලෝබි දේසපාලුවන්ටවත් කිසිම අවුලක් නැහැ .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site