කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් ඇති වන්නේ නැතැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් අද (17) ප්‍රකාශ කළේය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන්වලට එරෙහිව ඇමෙරිකාව දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් තීරණ ගැනීමට හා ප්‍රතිචාර දැක්වීමට දකුණු කොරියාවට හැකියාවක් ඇතැයි ද මූන් ජායි ඉන් ජනාධිපතිවරයා පැවැසීය.
“කොරියානු යුද්ධයේ සුන්බුන්වලින් පසුව කොරියාව නැවත ගොඩනැගීම සඳහා සෑම දකුණු කොරියානුවෙක්ම වෙහෙස මහන්සි වී කටයුතු කළා” යැයි ජනාධිපතිධුරයේ ප්‍රථම දින 100 අවසානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා කීවේය.
“ඕනෑම පිරිවැයක් යටතේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට මා කටයුතු කරනවා. එම නිසා යුද්ධයක් ඇති නොවන බව සෑම දකුණු කොරියානුවෙක්ම විශ්වාස කළ යුතුයි. මට ඒ විශ්වාසය අවශ්‍ය” යැයි ද හෙතෙම කීය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් ජාත්‍යන්තරය තුළ අවිනිශ්චිත හා මතභේදාත්මක තත්ත්වයක් උද්ගත විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සියල හත් වරක් උතුරු කොරියාවට සම්බාධක පැනවීය.

(ඒ.එෆ්.පී 055)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් අතිවෙන්නේ නෑ’