IMG-LOGO

කොරියානුවන්ගේ තරුණ වීමේ සිහිනය සැබෑ වෙයි

දකුණු කොරියානුවන්ගේ තරුණ වීමේ සිහිනය සැබෑ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දකුණු කොරියානු රජය තම රටවැසියන්ගේ සම්ප්‍රදායික වයස ගණනය කිරීමේ ක්‍රමය අවසන් කිරීමට තීරණය කිරීමත් සමග අවුරුද්දකින් හෝ දෙකකින් තරුණ වීමේ අවස්ථාව දකුණු කොරියානුවන්ට හිමිව ඇත.

දකුණු කොරියාවේ ළදරුවෙකු ඉපදෙන විට වයස අවුරුද්දක් ලෙස සටහන් කරන අතර ඉන්පසු සෑම ජනවාරි මස පළමු වෙනිදාවකම තවත් අවුරුද්දක් එකතු වේ. මෙම ක්‍රමය එළඹෙන වසරේ ජූනි මස සිට අවසන් කිරීමට දකුණු කොරියානු රජය තීරණය කර ඇති අතර ඉන් පසු ජාත්‍යන්තර වයස් සීමා තීරණය කිරීමේ ක්‍රම වේදය අනුගමනය කිරීමට තීරණය කර ඇත.

අනවශ්‍ය ආර්ථික සහ සමාජයීය වියදම් අවම කිරීමේ අරමුණින් සහ සම්ප්‍රදායික ක්‍රමය හේතුවෙන් පැන නගින අර්බුදකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා මෙම තීරණය ගත් බව දකුණු කොරියානු රජය පවසා තිබේ.
දකුණු කොරියානුවන් මෙම තීරණය පිළිබඳ සතුට ප්‍රකාශ කර ඇති අතර අවුරුදු එකකින් හෝ දෙකකින් තරුණ වීමට අකමැති කවුරුන්දැයි ප්‍රශ්න කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

කොරියානුවන්ගේ තරුණ වීමේ සිහිනය සැබෑ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 81 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 304 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site