කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව පනවා තිබූ ඇතැම් සීමා ලිහිල් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සිනමා ශාලා හා පිහිනුම් තටාක විවෘත කිරීම වැනි පහසුකම් සඳහා අවසර දී ඇත.
ඉකුත් මාර්තු මාසයේ සිට මෙම සීමා පනවා තිබූ අතර මෙසේ නැවත විවෘත කිරීමට අවසර දී ඇත්තේ දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවරවලට අනුකූලවය.
මේ අනුව දිල්ලි අගනුවර සිනමා ශාලා විවෘත කර ඇති අතර ආසන පහසුකම් ලබාදිය හැක්කේ මුළු ආසන සංඛ්‍යාවෙන් අඩකට පමණි.
සෑම දර්ශනවාරයකටම පසුව ශාලාව විෂබීජහරණය කළ යුතුය.
කෙසේ වුවත් ඉන්දියාව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යෑමක් පෙන්නුම් කරමින් පවතින අවස්ථාවක මෙසේ සීමා ලිහිල් කර ඇත.
එරටින් අද වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 67,000 ඉක්මවයි.
(එන්.එච්.කේ. ඇසුරෙනි)
-226-
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
කොරෝනා හේතුවෙන් ඉන්දියාව පැනවූ සීමා ලිහිල් කෙරේ