IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කොරෝනා වසංගතය පාලනය කළ හැකියි

ඉදිරි මාස කිහිපය ඇතුළත ගෝලීය කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසිස් මෙසේ කීවේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදීය.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවනු ඇත්තේ සමව එන්නත් ලොව සෑම රටකටම බෙදා දීමෙන් පමණක් බවත්, එම කටයුතු ක්‍රමාණුකූලව සිදුවිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර ඇත.

ගෝලීය උණුසුම පිටුදැකීම වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නගන යොවුන් මානව ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් දැරිය ද මෙම මාධ්‍ය හමුවට එක් වූවාය. ඒ, ස්වීඩනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රමාණුකූලව බෙදා දීමක් සිදු නොවීම සම්බන්ධයෙන් ග්‍රෙටා ද කනස්සල්ල පළ කළාය.

දුප්පත් රටවල අවදානම් කාණ්ඩවලට ද කොරෝනා එන්නත් නොමැතිව තිබියදී, ධනවත් රටවල් තරුණ තරුණියන් වෙනුවෙන් කොරෝනා එන්නත් ලබාදීමට කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව ග්‍රෙටා පැවැසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේතිරසාර ලෙස සමාන අන්දමින් යෙදවිය හැකි නම් කොරෝනා වසංගතය පාලනය කිරීමේ යාන්ත්‍රණයන් තමන් සතු වන බවය.

ජිනීවාහිදීය (රොයිටර්)



අදහස් (0)

කොරෝනා වසංගතය පාලනය කළ හැකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site