
කොවිඩ් වසංගතයෙන් පීඩාවටපත් ඉන්දියානු වැසියන්ට සහනයක් සැලසීමේ අරමුණින් යුරෝ මිලියන 200 ක වටිනාකමකින් යුතු වෛද්‍යාධාර සහ අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ රැසක් ඉන්දියාවට පරිත්‍යාග කිරීමට ප්‍රංශය පියවර ගෙන ඇත.
මෙලෙස ලබා දුන් උපකරණ තොගය අතරට ශ්වසන ආධාරක යන්ත්‍ර 120 ක්, ආරක්ෂික ඇඳුම් කට්ටල 50,000 හා සාම්පල එකතුකිරීමේ උපකරණ 50,000 අයත් වන බවද සඳහන් වේ.
ප්‍රංශ සහ ඉන්දියානු රාජ්‍ය නායකයින් අතර ඇතිකරගත් එකඟතාවකට අනුව උපකරණ තොගය ලබා දී ඇත.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අතර සිදුකෙරුණු ලිපි හුවමාරුවකින් අනතුරුව ගතවූ සතියේදී මෙම තීන්දුවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ උපකරණ තොගය ඉන්දියාවේ ප්‍රංශ තානාපතිවරයා අතින් ඉන්දීය රතු කුරුස සමාජය වෙත පරිත්‍යාග කර තිබේ.
කොවිඩ් ගෝලීය වසංගතයෙන් වැඩි වශයෙන්ම පීඩාවටපත් වූ රටක් ලෙස සැලකෙන ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් මිලියන 1.58 ක් හමූ වී තිබේ.
125
2025 නොවැම්බර් මස 04
727
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා වසංගතයෙන් පීඩාවිඳින ඉන්දියාවට ප්‍රංශයෙන් උදව්