කොරෝනා වයිරසය හෙවත් කොවිඩ් 19 පිළිබඳ චීනය කළ විශාලතම අධ්‍යයනය එළිදක්වා තිබේ.
චීනයේ රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානයේ දත්ත මත මෙම වාර්තාව සකස් කර ඇත.
වයිරසය අසාදනය වීමේ සිදුවීම් 44000 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් වෙයි.
වයස්ගත පුද්ගලයෝ මෙහිදී වැඩි අවදානමකට ලක්ව සිටිති.
එසේම වෛද්‍ය කාර්ය මණ්ඩල ද දැඩි අවදානමකට මුහුණ පා ඇතැයි මෙම වාර්තාව මඟින් පෙන්වා දෙයි.
වාර්තාව අනුව වයිරසය හේතුවෙන් සිදුවූ සමස්ත මරණ අනුපාතය සියයට 2.3 කි.
පිරිමි පුද්ගලයින්ගේ මරණ මෙහිදී වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර එය 2.8 ක ප්‍රතිශතයකි.
කාන්තා මරණ සංඛ්‍යාව 1.7% ක් වේ.
වයිරසයෙන් සිදුවූ ළමා මරණ අනුපාතය ශුන්‍ය මට්ටමක පවතී.
(බීබීසී ඇසුරෙනි)
-226-
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොරෝනා වයිරසය පිළිබඳ චීනයේ විශාලතම අධ්‍යයනය එළිදකී