‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසයේ අලුත් ප්‍රබේධය යුරෝපය පුරා පැතිර ගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ වසංගත විශේෂඥයකු වන මහාචාර්ය නීල් ෆර්ගසන් අනතුරු අඟවයි.
යුරෝපයේ රටවල් බහුතරයකට එසේත් නැතිනම් මුළු මහත් යුරෝපයේම නව ප්‍රබේධය පැතිර ගොස් ඇතැයි ද හෙතෙම කියයි.
අඩු ආසාදිත අනුපාතයක් තිබෙන ඩෙන්මාර්කයෙන් ද මෙම ප්‍රබේධය ආසාදනය වූ ආසාදිතයන් හඳුනාගෙන ඇති බැවින් යුරෝපය පුරා මෙය පැතිර ගොස් ඇති බව තහවුරු කිරීමට කරුණු ඇතැයි ද ඔහු පවසයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී පාස්කු සමය වනතුරු දැඩි සීමා පැනවීමට සිදුවනු ඇතැයි ද හෙතෙම කියයි.
මහාචාර්ය නීල් ෆර්ගසන් බ්‍රිතාන්‍ය රජයේ ‘කොවිඩ්-19’ උපදේශකයකු ලෙස කටයුතු කළ අතර තම පෙම්වතිය බැලීමට යෑම සඳහා ලොක්ඩවුන් සීමා කඩ කිරීම හේතුවෙන් එම තනතුරෙන් ඉවත් විය. හෙතෙම ලන්ඩන් නුවර පිහිටි ‘ඉම්පීරියල් කොලේජ්’ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. මිනිසුන් හා සතුන් අතර බෝවෙන රෝගවල රටා සම්බන්ධයෙන් හෙතෙම විශේෂඥයෙකි. මීට පෙර ලොව ඇති වූ වසංගත තත්ත්ව සම්බන්ධයෙන් ද හෙතෙම පර්යේෂණ රැසක් කරමින් ඒවා පාලනයට දායකත්වය සපයා ඇත.
මේ අතර කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය එක්සත් රාජධානිය පුරා පැතිර ගොස් ඇතැයි ද එරට විද්‍යාඥයෝ අද (23) අනතුරු ඇඟවූහ.
මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී රටටම බල පැවැත්වෙන පරිදි දැඩි සීමා පැනවීමට සිදුවනු ඇතැයි ද බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (සෞඛ්‍ය ලේකම්) මැට් හැන්කොක් ඊයේ (22) තවත් අනතුරු ඇඟවීමක් කළේය.
(රොයිටර් /ද ගාඩියන් සහ ඩේලිමේල් ඇසුරිනි)
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා වයිරසයේ නව ප්‍රබේධය යුරෝපය පුරා පැතිරිලා
Damith Thursday, 24 December 2020 06:38 AM
අලුත් වයිරසය තවත් ගේම් එකක්... මෙක තමයි සත්‍යය....