IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කොරෝනා පාලනයට ඉන්දියාව හවුල් කර ගන්නවා

 

'කොවිඩ් 19' හෙවත් නව කොරොනා වයිරස ව්‍යාප්තිය පාලනයට ඉන්දියාව හවුල් කර ගන්නා බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ වෙනුවෙන්, එරට වසංගත රෝග පාලන පාලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසයි.

කොරෝනා වයිරස ව්‍යාප්තිය සහ පාලනය, කොරෝනා චිකිත්සාව සම්බන්ධයෙන් සිදු කරන ගෝලීය සායනික අත්හදා බැලීම් සඳහා ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන් සම්බන්ධ කර ගන්න බව විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පැහැදිලි කර තිබේ.

ඇමෙරිකා ඉන්දීය උපායමාර්ගික සහ හවුල්කාරිත්ව සංසදය විසින් සංවිධානය කරන ලද විශේෂ සැසියකදී, වෛද්‍ය ඇන්තනි ෆවුචි මේ බව ඉන්දීය වසංගත රෝග පාලන ඒකකයටත්, සෞඛ්‍ය අංශවලටත් දැනුම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

'කොවිඩ් 19' වයිරස වසංගතයට එරෙහි සටනේ දී බයිඩන් පරිපාලනය ඉන්දියාවට හැකි සෑම අයුරින්ම උදවු ලබා දෙන බව පවසා ඇති අතර, ඉන්දියාව කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින්, ඉන්දියාවට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට පියවර ගන්නා බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)



අදහස් (0)

කොරෝනා පාලනයට ඉන්දියාව හවුල් කර ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site