'ඩෙල්ටා' විකෘතියේ ව්‍යාප්තියත් සමඟ ඕස්ට්‍රේලියාවේ තෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන බ්‍රිස්බේන් තෙදිනක් සඳහා මුළුමනින්ම වසා දැමීමට සෞඛ්‍ය බලධාරීහු තීරණය කළහ.
බ්‍රිස්බේන් අයත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයටය. බ්‍රිස්බේන් පමණක් නොව, ප්‍රාන්තයේ දකුණුදිග පළාත් කීපයක් ද සෞඛ්‍ය උපදෙස් අනුව ලොක්ඩවුන් කිරීමට සිදුවුණු බව ක්වීන්ස්ලන්ත ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරිය ජෙනෙට් යංග් මාධ්‍ය හමුවේ පැවැසුවාය.
මෙසේ ලොක්ඩවුන් කිරීම් සිදුවන්නේ, උසස් පාසලක සිසුවකු ඇතුළු හය දෙනකු 'ඩෙල්ටා' ආසානය වූ ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසුවය.
මේ අතර ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි ලබන 28 දක්වා ලොක්ඩවුන් කර තැබෙන බව, සිඩ්නි නුවර අයත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු පවසති.
සිඩ්නි නුවර අයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් 210 ක් වාර්තා වී ඇත. සිඩ්නි නුවර ආසාදියන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සඳහා සහාය දැක්වීමට හමුදාව යොදවා ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොරෝනා පැතිරෙයි: බ්‍රිස්බේන් ලොක්ඩවුන්