IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

 

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මියගිය ගණන අද (15) පස්වරු වනවිට 1,313,471 ක් ලෙස දැක්විණි.

මේ වනවිට ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 54,001,750 ක් වන අතර ඉන් 34,599,700 දෙනකු සුවය ලබා ඇත.

ලොව රටවල් බොහෝමයක් නව කොරෝනා වයිරසයේ දෙවැනි හා තෙවැනි රැලිවලට මුහුණදී සිටින අතර පෙරට වඩා වේගයෙන් වයිරසය පැතිරෙමින් තිබෙන බව විශේෂඥයෝ අනතුරු අඟවති.

සෙනසුරාදා (14) දිනයේදී පමණක් ගෝලීයව නව කොරෝනා වයිරස ආසාදිත මරණ 9,246 ක් වාර්තා වූ අතර එම පැය 24 දී වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 607,998 ක් විය.

නව වාර්තා අනුව අවසන් පැය 24 ක කාලයේදී වැඩිම වයිරස ආසාදිත මරණ වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවෙන් අවසන් පැය 24 දී වයිරස ආසාදිත මරණ 1,351 ක්, බ්‍රසීලයෙන් වයිරස ආසාදිත මරණ 921 ක් සහ මෙක්සිකෝවෙන් වයිරස ආසාදිත මරණ 635 ක් වාර්තා විය.

නව කොරෝනා වයිරසයෙන් තවමත් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 245,614 ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 10,905,598 කි. ඇමෙරිකාවේ, වයිරසය ආසාදනය සුවය ලැබූ ගණන 4,148,444 කි.

ඇමෙරිකාවට පසු වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණණ 165,658 කි. එම ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නේ ඉන්දියාවයි. කෙසේ නමුත් ලොව දෙවැනියට වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 5,848,959 ක් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 129,635 කි.

ඉන්පසුව මෙක්සිකෝවෙන් වයිරස ආසාදිතයන් 1,003,253 ක්ද මරණ 98,259 ක්ද වාර්තා වන අතර එක්සත් රාජධානියෙන් ආසාදිතයන් 1,344,356 ක්ද වයිරස ආසාදිත මරණ 51,766 ක්ද වාර්තා වේ.

කෙසේ නමුත් ජනගහනයට සාපේක්ෂව වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ බෙල්ජියමෙනි. බෙල්ජියමෙන් ජනගහනයෙන් 100,000 කට වයිරස ආසාදිත මරණ 123 ක් වාර්තා වේ. එහි දෙවැනි තැන පේරු රාජ්‍ය පසුවන අතර එරටින් ලක්ෂයකට මරණ 107 ක් වාර්තා වේ. තෙවැනි තැන ලක්ෂයකට මරණ 87 ක් වාර්තා වන ස්පාඤ්ඤයද මරණ 78 ක් වාර්තා වන ආර්ජන්ටිනාව සිවුවැනි තැන ද පසුවෙයි.

හොංකෙං සහ මැකාවෝ නොමැතිව චීනයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 86,338 ක් වන අතර චීනයෙන් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 4,634 කි.

ලතින් ඇමෙරිකානු කලාපයෙන් වයිරස ආසාදිතයන් 12,023,640 දෙනකු සහ මරණ 423,176 ක් වාර්තා වන අතර යුරෝපයෙන් වයිරස ආසාදිතයන් 14,432,068 දෙනකු සහ මරණ 334,968 ක් මේ වනවිට වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ කැනඩාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 11,195,957 ක් වන අතර එම දෙරටින් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 256,487 කි.

ආසියානු කලාපයෙන් වයිරස ආසාදිතයන් 11,440,026 දෙනකු සහ මරණ 181,799 දෙනකු මේ වනවිට වාර්තා වී තිබෙන අතර මැද පෙරදිගින් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 2,913,735 කි. මැදපෙරදිගින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 68,991 කි. අප්‍රිකාවෙන් වයිරස ආසාදිතයන් 1,966,317 ක් සහ මරණ 47,109 ක්ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවද අයත් සාගර කලාපයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 30,008 ක් වන අතර එම කලාපයෙන් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණ 941 කි.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 710 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site