IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරෝනාට එරෙහි ප්‍රතිදේහ අරන් ආ බබා

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදන වීම වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගත් ඇමෙරිකාවේ ගැබිනි මවක බිහි කළ බිලිඳියක‌ගේ සිරුරේ වයිරසයට එරෙහි ප්‍රතිදේහ නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

ගැබිනි මවට 'කොවිඩ් 19'  ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීමෙන් පසු, උපත ලැබූ බිලිඳකුගේ සිරුරේ ප්‍රතිදේහ නිර්මාණය වුණැයි තහවුරු වූ පළමු අවස්ථාව මෙය බව ඇමෙරිකන් මධ්‍ය වාර්තා කරයි. මෙම ගැබිනි මවට ලබා දී ඇත්තේ ඇමෙරිකාවේ 'මොඩර්නා' ඖෂධ නිෂ්පාදන සමාගම නිර්මාණය කළ 'මොඩර්නා' එන්නතය.

ගැබිනි මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට හෝ අවුරුදු 18 ට අඩු දරුවන්ට 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම නිර්දේශ කර නැත. ඊට හේතුව‍ ලහිලහියේ නිපදවූ එන්නත් කිසිවක් සියයට සියයක් ආරක්ෂිතදැයි තහවුරු කර නැති බැවිනි.

ඇමෙරිකාවේ 'මොඩර්නා' ඖෂධ නිෂ්පාදන සමාගම, නිපදවා ඇති එන්නත මේ වනවිට  මාස 6 සිට අවුරුදු 18 දක්වා දරුවන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ගැබිනි මවුවරුන් යොදා ගනිමින් අත්හදා බැලීම් සිදු කරමින් පවතී. ඒ පැය 24 පුරා වෛද්‍ය අධීක්ෂණය යටතේය.

'මොඩර්නා' එන්නත මාත්‍රා දෙකකින් සමන්විතය. ප්‍රතිදේහ සහිත නිරෝගී බිලිඳියක් බිහි කළ මවට පළමු එන්නත ලබා දී ඇත්තේ ඇය ගැබිනියක වී සිටිද්දී වන අතර, ඇයට දෙවැනි එන්නත ලබා දී ඇත්තේ දින 28 කට පසුව බිලිඳියට මවු කිරි දෙද්දීය.

පළමු එන්නත ලබා ගැනීමෙන් කුසේ සිටි බිලිඳියගේ සිරුරේ ප්‍රතිදේහ නිර්මාණය වූ අතර, සියයට 100 ක් මවගේ සිරුරේ ප්‍රතිදේහ නිර්මාණය වූයේ දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පසුව යැයි වෛද්‍යවරු තහවුරු කර තිබේ.

ඉදිරියේ දී තවත් සායනික අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත බවත් මූලික අත්හදා බැලීම් අනුව, 'මොඩර්නා' එන්නත ගැබිනි මවුවරුන්ට සුදුසු බවත්, එය ඉතා සතුටුදායක පුවතක් බවත් ෆ්ලොරීඩාවේ ඇට්ලැන්ටික් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (0)

කොරෝනාට එරෙහි ප්‍රතිදේහ අරන් ආ බබා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site