බොස්නියාවේ ජිවත්වන හර්ජබින් කමෙන්ජාස්ගේ වයස අවුරුදු අටකි. ලිව්කෙමියා රොගයෙන් පෙලෙන හර්ජබින්ට ජිවත් වීමට ඇතිතේ තවත් මාසයකටත් අඩු කාලයක් බව වෛද්‍යවරු පවසති.
දෑඩි වෙදනාවකින් පසුවන දෙමාපියන් හජබින් කෑමති ඔනෑම දෙයක් ලබා දිම සදහා උත්සුක වෙති. හර්ජබින්ගේ දැඩි ආසව මත ඔහුගේ දෙමාපියන් ඔහුත් රැගෙන පසුගිය දා පැරිසියට ගියේ ඔහු අසා කරන පාපන්දු තරඟාවලියක් දැක ඔහු කැමතිම පාපන්දු ක්‍රිඩකයාත් සමග කතා කිරිමට අවස්ථාවක් ලබාදිම සදහාය.
මියයෑමට සිටින තම පුතුගේ එකම ආසාව ක්‍රිඩකයා සමග කතා කිරිම බව තරගාවලිය ආරම්භයට පෙර අදාල පාපන්දු ක්‍රිඩකයාට දෙමාපියන් පැවසුවත් තමා කාර්යබහුල නිසා ඒ සඳහා අවස්ථාවක් උදා කර දිය නොහැකියැයි ක්‍රීඩකයා පවසා තිබේ.
දෙමාපියෝ කදුළු පිරි දෙනෙතින්පුතා ද සමග නැවත බොස්නියාවට පැමිණි බව ඩේලි මේල් පුවත්පත පවසයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ක්‍රීඩකයාගේ ගල් හදවත තෙත් නොවේ
චින්තක Friday, 15 November 2013 05:59 PM
අනේ! ඒ පුතාට කිසිම කරදරයක් වෙන්න එපා.සනීප වෙන්න ඕනෑ ඉක්මනටම. (නි)
ජෙරාඩ් Thursday, 14 November 2013 06:57 AM
මට ක්‍රිස් ගේල් මතක් වෙනවා. එයාගේ අතින් බෝලයක් වැදිලා තුවාල වුණ ළමයෙක් බලන්න රෝහලට යන්න තරම් නිහතමානී වුණ උසස් ගනයේ ක්‍රීඩකයෙක් (නි)
චන්දි Wednesday, 13 November 2013 12:43 PM
අනේ ඔව්, ඩොක්ටස්ලගේ කීම මුසාවක් වෙලා මේ දරුවාගේ අසනීප තත්වයන් සුව ''වේවා' කියා මමත් ප්‍රාර්ථනා කරනවා. මහා උද්දච්ච ක්‍රීඩකයෙක්. ඔහුට මගේ අප්‍රසාදය ....!! (ස)
ලංකා Tuesday, 12 November 2013 07:18 PM
කවුද ඒ? නම එක්ක දැම්මා නම් තමයි හරි. පොඩි එකෙක්ගේ අන්තිම කැමැත්තවත් ඉටු කරන්න බැරි ලංකාවේ දේශපාලකයෙක්වද්ද? (නි)
හේමන්ත Tuesday, 12 November 2013 07:20 PM
ඔහොම උද්දච්ච ක්‍රීඩකයෝ ඉන්නවා. මෙයාට නම් මැරෙන්නත් වෙලාවක් නැති වෙයි, ඒ තරමටම බිසී. (නි)
සමදරා Wednesday, 13 November 2013 06:57 AM
ලංකාවේ කාවහරි යවමුද? (නි)
කුමාරන Tuesday, 12 November 2013 07:31 PM
ඔය දරුවට තම රටේ වෙන කිසිවෙක් හිටියේම නැද්ද මුණගැහෙන්න? (නි)
තුවාන් Wednesday, 13 November 2013 01:45 PM
දෙමව්පියෝ, සහෝදරයෝ, ළමයි, මිත්‍රයෝ මේ සියල්ල අපේ අතමිටේ තියාගන්න ඕනෑ. එවිට ඒවා ලැබීමෙන් හෝ නොලැබීමෙන් හෝ වෙන්වීමෙන් අපගේ දුක පාලනය කරගන්න පුළුවන් වේවි. එහෙත් දෙවියන්ව පමණක් සිතේ/ හදවතේ දරාගෙන සිටියොත් දෙවියන්ගේ ආදරය, කරුණාව, දයාව අසීමිතව ලැබෙයි. සියලු ප්‍රශ්න ඉවසන්න, දෙවියන්ට බාරදෙන්න ඉන්පසු ප්‍රථිපල බලාපොරොතු වන්න. (නි)
නිමල් Wednesday, 13 November 2013 11:55 PM
ගල් කවදාවත් දියවෙන්නේ නැහැනේ (දී)
ශාන්ත ලාල් Saturday, 16 November 2013 10:07 AM
එම ක්‍රීඩකයාගේ ජනප්‍රියත්වය පිරිහීමට ලක්වේවා! (නි)
ජයතිස්ස Tuesday, 12 November 2013 07:49 PM
ක්‍රීඩකයෙක් වුණාට මොළේ නැති කෙනෙක්. ඒ අම්මා තාත්තට කොපමණ දුකක් හිතෙන්න ඇද්ද? අසරණ දරුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මධු Wednesday, 13 November 2013 08:09 AM
දරුවට ඔය ක්‍රීඩකය දැකල යන්න වෙන්නේ සතර අපායෙ . (අ)
අමන්දා Wednesday, 13 November 2013 08:10 AM
ඇත්තමයි (අ)
ලාරා Tuesday, 12 November 2013 08:15 PM
මට්ටකුන්ඩලී මරණාසන්න මොහොතේ එතනට ලොව්තුරා බුදු රජාණන් වහන්සේ වැඩිය නිසා උන් වහන්සේගේ රූපයෙන් සිත පහදවාගෙන තව්තිසා දිව්‍ය ලෝකේ උපත ලැබුවේ නිදා පිබිදුනාක් මෙනි.මේ ටික ඒ ළමයට ට්‍රාන්ස්ලේට් කරලා යවන්න පුලුවන්නම් !(නදී)
කේ.එච්.ආර්.කේ.දිසානායක Wednesday, 13 November 2013 06:33 PM
මම චන්දිත් එක්ක තරහම තරහයි.මහා නරක කෙල්ලෙක් ඔයා (නි)
සම්පත් Wednesday, 13 November 2013 08:55 AM
අපේ ක්‍රිකට් කොල්ලෝ ඒ අතින් විශිෂ්ටයි. දන්නා නිසා කියන්නේ. (අ)
අමිළ කටුනායක Tuesday, 12 November 2013 09:26 PM
වෛද්‍යවරුන්ගේ අනාවැකි බොරු වී ඒ බබාට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
කුමාරි Wednesday, 13 November 2013 09:10 AM
වෛද්‍යවරුන්ගේ කීම සිදු නොවේවා! දිඝායුවේවා ඒ දරුවට. සමහර විට දරුවට කලින් පාපන්දු ක්‍රීඩකයා සොයා මාරු යා හැකියි. එයා ඒක දන්නෑ (අ)
දර්ෂා Thursday, 14 November 2013 03:23 PM
ආත්මාර්ථකාමී බව රජයන ක්‍රීඩකයෙක්, සැමදේම මුදලට. වෛද්‍ය සිසුවෙක් ලංකාවේ කියනවා අපි මේක ඉගෙන ගන්නේ මේකෙන් හොඳටම සල්ලි හම්බ කරන්න පුළුවන් නිසා කියලා. (ස)
සකස් Wednesday, 13 November 2013 08:04 PM
ඇයි මීට කලින් ක්‍රීඩකයෝ දැකලා නැද්ද? නිකන් යනවා මනුස්සයෝ යන්න කියලා කියන්න ඇති. හරිම ශෝචනීය සිද්ධියක් (නි)
දුම්මලසූරිය Wednesday, 13 November 2013 10:46 AM
මුදලට සියල්ල තීරණය වෙන වර්තමාන ලෝකයේ ,ඒ පුංචි දරුවාගේ අන්තිම කැමැත්තත් මුදලටම යටවුණා.ඔය කියන ක්‍රීඩකයා වෘත්තිය ක්‍රීඩකයෙක් වෙන්න ඇති.ඔහු ළග මුදල් ඉපැයීමේ ආශාව මිස මනුස්සකමින් පිරුණු හිතක් නැතුව ඇති.නැත්නම් ජීවිතයත් මරණයත් අතර ඉන්න ඒ පුංචි පැටියා ගැන හිත උණු නොවුණේ?ඒ මොනවා වුණත් වෛද්‍යවරුන්ගේ අනුමානය බොරු වේවා!!!! ඒ පුංචි පුතා ඉක්මනින් සුව වේවා!!!! (නි)
ගිහාන් Thursday, 14 November 2013 09:19 PM
ගල් හදවත් දිය වෙන්නේ කවදාද? (දී)
රුපවති කමල දිස්සනයක Thursday, 14 November 2013 09:23 PM
මේ මගේ නමින් එක එක අය අදහස් දානවා,පෙහෙදිලි කිරීමක් පමණි