IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ක්‍රෙච් සමුද්‍ර සන්ධිය ආසන්නයේ නෞකා දෙකක් ගිනි ගැනීමෙන් 10 ක් මරුට

ක්‍රිමියාව ආසන්නයේ ක්‍රෙච් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ගිනි ගැනීම හේතුවෙන් මියගිය 10 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇත.

 අනතුරටපත් 14දෙනකු මුදවාගත් බවත් තවදුරටත් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් රුසියානු ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීහු පවසති.
 
නැව් දෙක අතර ඉන්ධන හුවමාරුවක් සිදුකරන අවස්ථාවේ ගින්න හටගෙන ඇති බවත් ගින්නෙන් දිවි බේරාගැනීම සඳහා කාර්යමණ්ඩලයේ සාමාජිකයින් මුහුදට පැන ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
 
 නැව් දෙකම ටැනිසානියානු ධජයන් යටතේ යාත්‍රාකර ඇති අතර 31ක් වූ කාර්යමණ්ඩලයෙන් 16ක් තුර්කි ජාතිකයින් ද 15ක් ඉන්දියානු ජාතිකයින් ද වන බව සඳහන් වේ.
 
 අනතුර සිදුවන අවස්ථාවේ මුහුදේ කුණාටු සහිත තත්ත්වයක් පැවතුන බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ක්‍රෙච් සමුද්‍ර සන්ධිය ආසන්නයේ නෞකා දෙකක් ගිනි ගැනීමෙන් 10 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site