IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කයිල් ජෙනර් ලොව ලාබාලතම බිලියනපතිනිය වෙයි

ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව කයිල් ජෙනර්  ලොව ලාබාලතම තනිව ගොඩනැගුණු බිලියනපතිනිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ඇය තමන්ගේම රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයකින් බිලියනපතිනියක් වී ඇත.

21 හැවිරිදි ඇයගේ අවුරුදු 3ක් පැරණි කයිල් ජෙනර්  රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම පසුගිය වර්ෂයේ ආදායම ඩොලර් මිලියන 360ක ආදායමක් ලැබූ බව ඇස්තමේන්තු ගතකර ඇත.

21 වැනි වියේදී  බිලියන පතිනියක් වූ ඇය 23 හැවිරිදි වියේදී ප්‍රකෝටිපතියෙකු බවට පත් වූ ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ට වඩා ඉදිරියෙන් සිටී.

“මම කිසි දෙයක් අපේක්ෂා කළේ නැහැ. අනාගතය ගැන මම කිසිවක් දන්නේ නැහැ. නමුත් මේ ලැබූ තත්ත්වය ඇත්තෙන්ම හොඳයි" ඇය පැවසුවේය.

ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙෂෝස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස තවමත් ඉදිරියෙන් සිටින්නේය.

ෆෝබ්ස් සඟරාව පවසන ආකාරයට ජෙෆ් බෙෂෝස් සතු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 131ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 19කින් වැඩි වී ඇත. 

ෆේස්බුක් ආයතනයේ හිමිකරු මාක් සකර්බර්ග් වත්කම පහළ මට්ටමේ පවතින පුද්ගලයන් අතරට පත්වී ඇත. 

 

63226

(බීබීසී ඇසුරෙනි)

 

 



අදහස් (1)

කයිල් ජෙනර් ලොව ලාබාලතම බිලියනපතිනිය වෙයි

chathuri Friday, 08 March 2019 03:52 PM

අපේ රටේත් ඉන්නවා ඉගෙනීමක් නැතිව එකරැයින් බිහි වෙච්ච. කෝටිපති බේබිලා... මේ අය ප්‍රසිද්ධියට බයයි. එ්ක විනාඩියෙන් ඒවා නැතිවෙයි කියලා...

:       0       87

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 789 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site