IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


කිම් ජොන්ගේ උපන් දිනයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියාව කිසිදු අවස්ථාවකදී කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය හෝ ඔහුගේ වයස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

2014 වසරේ ජනවාරි 8 වැනිදා උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග්හිදී පැවැති ප්‍රදර්ශනාත්මක පැසිපන්දු තරගයකදී ‘චිකාගෝ බුල්ස්’ කණ්ඩායමේ සුපිරි තරුවක් වූ ඩෙනිස් රොඞ්මන් උතුරු කොරියානු නායකයාට උපන් දින සුබ පැතුම් එක් කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇති ප්‍රකාශ කළේ දකුණු කොරියාවය.

ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරය සතු ලේඛනයට අනුව කිම් ජොන්ග් උන් උපත ලබා ඇත්තේ 1984 වසරේ ජනවාරි 8 වැනිදාය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 36කි. කෙසේ නමුත් ඔහුගේ වයස ඊට අවුරුද්දක් හෝ වැඩි හෝ බව පැවසේ.
දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක උපදේශක චන්ග් ඉයු යොන්ග් වොෂින්ටන් නුවරදී ඉකුත් දා (8) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුණගැසී තිබේ. එදින උතුරු කොරියානු නායකයාගේ උපන්දිනය යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

“ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනයට සුබ පැතුම් එක් කළා. ඒ බව ඔහුට දැනුම් දෙන්නැයි ජනාධිපති මූන්ට කීවා” යැයි චන්ග් මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය. හෙතෙම ඒ බව සඳහන් කළේ සෝල් අගනුවරදී අද (10) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

කිම් ජොන්ගේ උපන් දිනයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 587 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site