IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


කමලා හැරිස් ට්‍රම්ප්ට දෙහි කැපීම අරඹයි

ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමත් සමඟ, ඉන්දීය සම්භවයක් ඇති උප ජනාධිපතිනී කමලා හැරිස් සිය මැතිවරණ කටයුතු ආරම්භ කළේ ප්‍රතිවාදී අපේක්ෂක ඩොන්ල්ඞ් ට්‍රම්ප් විවේචනය කරමින් ඔහුට දොස් නගමිනි.

උප ජනාධිපතිනී කමලා හැරිස්, ඇගේ මැතිවරණ රැලිය ආරම්භ කළේ මිල්වෝකී ප්‍රාන්තයෙනි. ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන් අමතමින් මිනිත්තු 17 ක් පුරා, කමලා හැරිස් ඉතා ආවේගශීලීව කතා කළාය. රැලියට ඩිමොක්‍රටික් පාක්ෂ ආධාරකරුවෝ 3,000 ක් සහභාගී වූහ.

ට්‍රම්ප්ට යළි ජනාධිපති වීමට තමන් ඉඩ නොදෙන බවත්, ඇමෙරිකාව බෙදී වෙන්වීමට තමන් ඉඩ නොදෙන බවත්, රට ආපස්සට රැගෙන යෑමට ඉඩ නොදෙන බවත්, 58 හැවිරිදි කමලා හැරිස් අවධාරණය කළේය.

කමලා හැරිස්, නොවැම්බර් 5 ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූ ජනාධිපති ජෝ බයිඩන්ය. බයිඩන්, ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ ඔහුගේ වයස නිසා, පක්ෂයෙන් ඔහුට එල්ල වූ බලපෑම හේතුවෙනි.

බයිඩන් විසින් ජනාධිති ධුර අපේක්ෂකයා ලෙස නම් කළත්, කමලා හැරිස්ට තවමත් ඩිමොක්‍රටික් පක්ෂයෙන් නිල වශයෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිමි වී නැත. සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසු කමලා හැරිස් මේ වනවිට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මූල්‍ය ආධාර ප්‍රමාණයක් එකතු කරගෙන ඇතැයි ද පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

කමලා හැරිස් ට්‍රම්ප්ට දෙහි කැපීම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1582 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1372 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site