IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කෑමට අබිං දමා පොලිසියේ

තම පාරිභෝගිකයින් පිනවීමට යැයි කියා ඔවුන්ගේ ආහාර වලට අබිං මිශ‍්‍ර කළ අවන්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට චීනයේ ෂාන්ක්සි ප‍්‍රාන්ත පොලිසිය සමත්ව ඇත.

අවන්හල් හිමිකරුවාගේ හොරය අසුවී තිබෙන්නේ අහඹු ලෙස රථ වාහන නවත්වමින් ඒවායේ යන්නවුන් පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරීන් පිරිසක් මේ අවන්හලෙන් ආහාර ගෙන ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ වාහනය නවත්වා ඔහුව පරීක්ෂා කිරීමත් සමගය.

පොලිස් නිළධාරීන් මෙන්ම එම පුද්ගලයාද පුදුමයට පත්කරමින් ඔහු අබිං භාවිතා කර ඇතැයි එහිදී අනාවරණය වී ඇත.

මේ පුද්ගලයා තමන් ජීවිතයේ කිසිම දිනෙකවත් අබිං භාවිතා කර නැතැයි පොලිසිය හමුවේ කියා ඇත.

ඔහුගෙන් ලද තොරතුරු අනුව ඔහු අවසානයට ආහාර ගත් අවන්හල ගැන සැක ඉපිදවූ පොලිසිය එහි ගොස් සොයාබැලීමේදී අවන්හල් හිමිකරු ආහාර වලට අබිං මිශ‍්‍ර කරන්නේයැයි සොයාගෙන තිබේ.

හිමිකරු පවසා ඇත්තේ තම අවන්හලට නැවත නැවතත් පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමටත් ඔවුන්ට කිසියම් වින්දනයක් ලබා දීමටත් මෙසේ ආහාර වලට අබිං මිශ‍්‍ර කළ බවයි.

අවන්හල් හිමිකරු මේ වන විට සිටිනුයේ පොලිස් අත්අඩංගුවේය. ඒ මත්ද්‍රව්‍ය බෙදාහැරියේ යැයි යන වරදටය.

අබිං අතීතයේ සිටම චීනයේ බහුලව භාවිතා කළ ආහාර රසකාරකයක් වන අතර මෑතකදී හදුන්වාදුන් නව නීති අනුව එහි භාවිතය දැන් තහනම්ය.

 

 



අදහස් (0)

කෑමට අබිං දමා පොලිසියේ

නාරද Saturday, 27 September 2014 03:31 AM

චමින්ද, මස් උයනකොට ගංජා ටිකක් එකතු කළාම මස් ඉක්මනට බුරුල් වෙනවා තමයි. (අ)

:       0       0

මිනිපෙ Sunday, 28 September 2014 05:01 AM

නාරද, මට මස් රාත්තල් පන්සියක් විතර තම්බගන්න ඕන වෙලා තියෙනවා,කොහෙන්ද ඒ හා සමාන, අවශ්‍ය කරන ගංජා හොයාගන්නේ ? (දී)

:       0       0

චාමර Friday, 26 September 2014 07:25 AM

අබිං කියන්නේ ගංජා ද? (නදී)

:       0       0

සුරංග Saturday, 27 September 2014 05:38 AM

හොද පුවතක් (දී)

:       0       0

අසෝකා Saturday, 27 September 2014 03:27 PM

ගංජා සිංහල බෙහෙත් වලට පාවිච්චි කරලා තියෙනවා. ඇදුම රෝගයට කොළවලින් දුම් අැල්ලීමත් තේ වගේ වක්කරල බොන්නත් දෙනවා. අනවශ්‍ය පමණට ගත්තම තමයි සේරම නරක අතට යන්නේ. (අ)

:       0       0

චමින්ද Friday, 26 September 2014 08:53 AM

ඉස්සර ලංකාවෙත් ඔය රසකාරකය පාවිච්චි කරා.දැන් නම් තියෙනවද දන්නෙත් නැහැ. (දී)

:       0       0

පියල් Friday, 26 September 2014 05:22 PM

අබිං කෑවහම නින්ද යනවා (දී)

:       0       0

කරුණාජීව Saturday, 27 September 2014 07:52 AM

බන්දුලගේත් මේ දවස් වල, නට් තදවෙලා තියෙන්නේ.බුරුල් වෙන්න මොනවා හරි දුන්නනම් හොදයි. (අ)

:       0       0

චමින්ද Friday, 26 September 2014 09:28 PM

සමහර රටවල නම් ගංජා භාවිතයේදී තිබු නීතිමය තහනම ඉවත්කර තිබෙනවා. සමහරු කියනවා මස් උයනකොට ගංජා ටිකක් එකතු කළාම මස් ඉක්මනට බුරුල් වෙනවා කියලා. ඒකේ සත්‍ය ,අසත්‍යතාවය ගැන නම් කියන්න දන්නේ නැහැ. (නි)

:       0       0

තිලක් ලංකා Friday, 26 September 2014 11:17 AM

ගංජා,මරිජුවානා,කංසා, කියන්නේ එක ජාතියක්.අබිං කියන්නේ වෙන ජාතියක්. (දී)

:       0       0

තුෂාර Friday, 26 September 2014 12:04 PM

අබිං කියන්නේ බෙහෙතක් නෙව (දී)

:       0       0

දනුෂ්ක Friday, 26 September 2014 12:04 PM

මම අහලා තියෙනවා ගන්ජත් ලංකාවේ සමහර පළාත්වල කෑම වලට දානවා කියල. ඒක ඇත්තද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site