IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කාබන්ඩයොක්සයිඩ් වැඩිවෙයි

වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 2050 වර්ෂය වනවිට අතිවිශාල ලෙස ඉහළ යාමේ හේතුවෙන් ලෝකයේ ආහාරවල අන්තර්ගත තුත්තනායගම් හෙවත් සින්ක් සහ යකඩ යන මුලද්‍රව්‍යයන්හි වෙනස්කම් ඇතිවේයැයි පර්යේෂකයෝ අනතුරු හඟවති.

ඇමෙරිකාවේ හාවර්ඩ්හි මහජන සෞඛ්‍ය විද්‍යායතනය විසින් කරන ලද නව අධ්‍යයනයකින් මේ බව හෙළිවී ඇත. ඔවුන් පවසන්නේ පැලෑටිවල මේ පෝෂ්‍ය කොටස් සාන්ද්‍රතාව අඩුවෙමින් පවතින බවයි.

දැනට සොයාගෙන ඇති දත්ත අනුව ලෝක ජනගහනයෙන් කෝටි 200ක් පමණ තුත්තනායගම් සහ යකඩ ඌනතාවයෙන් පෙලෙති. මේ හේතුවෙන් ඇතිවන මන්දපෝෂණයෙන් ලොව පුරා වසරකට මියයන සංඛ්‍යාව කෝටි ලක්ෂ 630කි.

ආහාරයේ අඩංගු පෝෂ්‍ය කොටස් හිඟවීම සැළකිය යුතු සෞඛ්‍ය තර්ජනයක් බවත් එයට හේතුව දේශගුණික විපර්යාසය බවත් හාර්වඩ් මහජන සෞඛ්‍ය විද්‍යායතනය කරන ලද පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත.

පළමුව වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවිම පාලනය සඳහා විසඳුම් දිය යුතුය. මෙයට හේතුවක් ලෙස පර්යේෂණයේ ප්‍රධානී විද්‍යාඥ සැමුවෙල් මයර්ස් පවසන්නේ කාර්මික විප්ලවය මගින් මානව පෝෂණය වෙත තර්ජන එල්ල වී ඇති බවයි.



අදහස් (0)

කාබන්ඩයොක්සයිඩ් වැඩිවෙයි

ගමගේ Tuesday, 13 May 2014 09:24 AM

දැන්වත් අදාළ බලධාරීන්ගේ ඇස් ඇරේවා. (ස)

:       0       0

නුවන් Tuesday, 13 May 2014 11:09 AM

රොකී,මෝඩයෙක් වගේ කියවන්න එපා.වැදගත් දෙයක් මෙතන පෙන්නලා තියෙන්නේ. (නි)

:       0       0

රවිඳු Thursday, 15 May 2014 07:08 AM

මිනිසුන්ට පරිසර විනාශය ගැන නැවත හිතන්න කාලය අැවිල්ලා (නි)

:       0       0

එස්.ඩී. Tuesday, 13 May 2014 07:06 PM

රොකී,මෝඩයෙක් වගේ කියවන්න එපා කියලා තමයි මමත් කියන්නේ (නි)

:       0       0

ධනංජය Tuesday, 13 May 2014 12:28 PM

රොකීලා වගේ අය තමන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙනකල්ම ඔහේ කෑගගහා ඉඳීවි. (නි)

:       0       0

රොකී Tuesday, 13 May 2014 07:14 PM

නුවන්/ධනංජය, පෙන්වා දී තිබෙන්නේ බොහොම වැදගත් දෙයක් නේද? එහෙනම් ඉතින් බල බලා ඉන්න. මගේ බෙල්ලට තොණ්ඩුව වැටෙන්න මම යකඩ හොරෙක් නෙමෙයි. (නි)

:       0       0

ප්‍රසංග Wednesday, 14 May 2014 08:31 AM

නිවිති වැඩියෙන් වවලා කෑමට ගන්න සියළුම කට්ටිය (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 15 May 2014 10:08 AM

කලබලවෙන්න එපා. රොකිගේ උගත්කම නැත්නම් දන්නා තරම තමයි ඒ පෙන්නුවේ.(නදී)

:       0       0

ගිත් Wednesday, 14 May 2014 09:17 AM

අපේ ගෙදර හරකෙක් ඇති කරනවා උගේ නම රොකි.(නදී)

:       0       0

ගිරිගෝරිස් Tuesday, 13 May 2014 08:58 PM

අපේ ගෙදර බලු පැටියෙක් ඉන්නවා රොකී කියලා (නි)

:       0       0

නිමල් පෙරේරා Friday, 16 May 2014 10:17 AM

වායු ගෝලයට කාබන්ඩයොක්සයිඩ් පිට කිරීම වැඩිවශයෙන් ම සිදුවන්නේ පොසිල ඉන්දන දහනය මගින්.දිනකට පෙට්‍රෝලියම් තෙල් බැරල් මිලියන් ගණනින් ගොඩ දමමින් අනවශ්‍ය පරිදි, කිසිම විද්‍යාත්මක පරිපාලනයකින් තොරව,පුලුස්සා දමන මෙම විනාශය දැන්වත් නතර කළ යුතුය.ඒ වෙනුවට පරිසරයට හිත කාමී බලශක්ති උපයෝගී කරගෙන පොසිල ඉන්දන දහනය ක්‍රමාණුකූලව අඩුකරගත යුතුය. (ස)

:       0       0

සුනෙත් Tuesday, 13 May 2014 09:45 PM

පරිසරය විනාශ කර ලබාගන්න දියුණුව ඇත්තම අපේ විනාශයි.. (අ)

:       0       0

බමුණුසිංහ Wednesday, 14 May 2014 08:31 PM

"අපේ ගෙදර බලු පැටියෙක් ඉන්නවා රොකී කියලා" ඒකාත් මළකඩ ටකරන් කන මෝඩයෙක්ද? (නි)

:       0       0

රොකී Tuesday, 13 May 2014 07:37 AM

යකඩ මදි කවුරු හරි ඉන්නවා නම් දන්වන්න. අපේ ගෙදර පිටිපස්ස පැත්තෙ පරණ මලකඩ කාපු යකඩ ගොඩක් තියනවා. සල්ලි ඕනත් නැහැ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site