කුකුළු කේන්තිකාරයින්ට හෘදයාබාධ හා ආඝාත තත්ත්වයන් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් ඇතැයි ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් පවසති.
ඔවුන් පවසන ආකාරයට ඉක්මන් කේන්තිය නිවී ගොස් එළැඹෙන විනාඩි කිහිපය අතරතුරදී පවා හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් තිබේ. නිතරම කේන්ති ගන්නා පුද්ගලයින් මෙනිසා වඩාත් සැළකිලිමත්විය යුතුව ඇතැයි ඔවුහු කියති.
කෝප ගැනීම,අධික ලෙස සතුටට පත්වීම වැනි අවස්ථා හෘදයාබාධ හා ආඝාත තත්ත්වයන් ඇතිවීමට හේතුවන්නේ යැයි මීට පෙර සිටම සොයාගෙන තිබුණකි.නමුත් කෝප ගෙන හෝ සතුටට පත්වී හෝ අවසාන වූ පසුවත් එවන් තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇතැයි හෙළි වී ඇත්තේ දැන්ය.
බොහෝ විට මෙවන් අවස්ථාවන්ට ගොදුරු වන්නේ පෙර හෘදයාබාධයක් හෝ ආඝාත තත්ත්වයක් ඇතිවී තිඛෙන පුද්ගලයින් යැයි පර්යේෂකයෝ පවසති.
විශේෂයෙන් හෘදයාබාධයක් ඇතිවීමේ පෙර ලකුණු පහළව තිඛෙන පුද්ගලයින් අධික ලෙස හැගුම්බර අවස්ථාවල කටයුතු කළ යුතු ආකාරය පිළිඹද සැළකිලිමත් විය යුතුයැයි ඔවුහු කියති.
නිරෝගීව සිටියද අද හෙටම රෝගී වේදැයි අනාවැකි පළකළ නොහැකි හෙයින් කෝපය මෙන්ම සතුටද පාලනය කරගෙන සියලූදෙනා ඉවසීමෙන් කටයුතු කළයුතු වන්නේයැයි පර්යේෂකයින්ගේ උපදේශයයි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝපයත් සතුටත් හදවතට හිතකර නෑ
ඉසුරන්දි Thursday, 13 March 2014 06:32 PM
එහෙනම් ඉතින් වන ගතවෙලා තමන් අදහන ආගමක් අදහගෙන ඉන්න ඕනේ..(දී)
රජින්ද Tuesday, 11 March 2014 11:28 AM
මධ්‍යම ප්‍රතිපදාව....(නධී)
කුමාර Tuesday, 11 March 2014 11:40 AM
ඔය ටික මුලින්ම කිවේ අපේ බුදුහාමුදුරුවෝ.ඉවසීමෙන් සැන සීමා ලබෙයි. (අ)