IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කොන්සවර්ටිව් නායකයා තේරීමේ අවසන් ඡන්ද විමසුම අද

කොන්සර්වටිව් පක්ෂයේ මීළඟ නායකයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම බි්‍රතාන්‍ය වේලාවෙන් අද (2) පස්වරු 5 අවසන් වීමට නියමිත බව එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කළේය. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර මසකට පසු ඡන්ද විමසීම ආරම්භ වුණු අතර කොන්සර්වටිව් පක්ෂ සාමාජිකයින් ලක්ෂ 2 කට අසන්න පිරිසක් ඡන්දය ලබා දුන්නේය.

නිල ඡන්ද ප්‍රතිඵල එළඹෙන සඳුදා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට පසු දින අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුගේ නිල අස්වීමේ ලිපිය දෙවැනි එළිසබෙත් රැජින වෙත ලබා දීමට නියමිතය.නව කොන්සර්වටිව් පක්ෂ නායකයා 2025 ජනවාරි මාසය තෙක් බි්‍රතන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත.

කොන්සර්වටිව් පක්ෂ නව නායකයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය ලිස් ට්‍රස් පත්වනු ඇතැයි සමීක්ෂණ පෙන්වා දී තිබුණත් තම අවසන් මොහොත තෙක් බලාපොරොත්තු අත් නොහරින බව රිශී සුනාක් ප්‍රකාශ කළේය.

(බීබීසී)



අදහස් (0)

කොන්සවර්ටිව් නායකයා තේරීමේ අවසන් ඡන්ද විමසුම අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site