කෙන්යාවේ සෝමාලියානු දේශසීමාව ආසන්නයේ මුරසංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් රැගත් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
රථයේ පොලිස් නිලධාරීන් 11දෙනෙකු ගමන් කර ඇති අතර තහවුරු කර නොගත් ආරංචිමාර්ග සඳහන් කර ඇත්තේ නිලධාරීන් 10දෙනකු මියගිය බවය.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
කෙසේවුවද කෙන්යාවේ ආරක්ෂක අංශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනුයේ සෝමාලි ඉස්ලාම් කැරලිකරුවන් බව මාධ්‍ය සඳහන් කර ඇත.
මීට දිනකට පෙර කෙන්යාවේ ඊසානදිග සෝමාලි දේශසීමාව ආසන්නයේ පොලිස් නිලධාරීන් තිදෙනකු ඝාතනය කිරීමේ වගකීම සෝමාලි අල් ශබාබ් කැරළිකරුවන් විසින් බාරගන්නා ලදී.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කෙන්යාවේ පොලිස් රථයකට බෝම්බ ප්‍රහාරයක්